තාරුණ්‍යය, කිසිවෙකුව ජයග්‍රහණයෙන් වළක්වා නොගත යුතුය. එය නිසැකවම එකොළොස් හැවිරිදි මිකෙයිලාව නතර කළේ නැත. ලෙමනේඞ් අළෙවි කරන කුටියක් වෙනුවට මිකෙයිලා ලෙමනේඞ් ව්‍යාපාරයක්ම විවෘත කළාය. “මී ඇන්ඞ් බීස් ලෙමනේඞ්” යන නමින් ආරම්භ කළ ව්‍යාපාරය ඇගේ ආච්චිගේ වට්ටෝරුවකින් ආරම්භ වූ අතර අවසානයේ “ෂාක් ටෑන්ක්” යන රූපවාහිනී වැඩසටහනේ ආයෝජකයින්ගෙන් ඇමෙරිකානු ඩොලර් 60,000 ක ආයෝජනයක් උපයා ගත්තේය. ඇය තම ලෙමනේඞ් වෙළඳ සැල් පනස් පහකින් යුත් විශාල වෙළඳ ව්‍යාපාරයකට විකිණීම සඳහා ගිවිසුමක්ද අත්සන් කළාය.

මිකෙයිලාගේ ඉදිරි ගමනට උද්f්‍යා්ගය සහ සිහින අපව නැවතත් පාවුල් විසින් තරුණ තිමෝතියස්ට පැවසූ වචන වෙත යොමු කරයි. “නුඹේ යෞවනකම සුළු කරන්ට කිසිවෙකුට ඉඩ නෑර..” (1 තිමෝති 4:12).

තිමෝති, මිකෙයිලා වැනි දරුවෙක් නොවූවත් ඔහුගේ සභාවේ බොහෝ දෙනෙකුට වඩා සැළකිය යුතු තරම් තරුණ විය. අපෝස්තලු පාවුල් සමග සම්බන්ධ වීමෙන් පසුව ඔවුන් අතරේ සමහරු සිතුවේ ඔවුන්ට නායකත්වය දීමට තිමෝතියස් පරිණත නොවූ බවයි. කුසලතා සහතික පෙන්වීමෙන් තමාව ඔප්පු කරන ලෙසට තිමෝතියස්ට පැවසීිම වෙනුවට ඔහුගේ වචන භාවිතා කරන ආකාරය තුළින්ද ඔහුගේ ජීවිතය ගත කිරීම තුළින්ද ඔහුගේ සභාවේ සාමාජිකයන්ට ප්‍රේම කිරීම තුළින්ද ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම තුළින් සහ ලිංගිකව පිරිසිදුව සිටීම තුළින්ද තම අධ්‍යාත්මික පරිණත භාවය පෙන්නුම් කරන ලෙසට පාවුල් දැන්වීය (12 පදය). ඔහු දේව ආදර්ශය සමග එයට අනුබල දුන්නේ නම් කිසිවෙකුට ඔහුව ගුරුවරයෙක් හා දේවගැතිවරයෙක් ලෙස අපකීර්තියට පත් කළ නොහැකිය.

අපගේ වයස තුමක් වූවත් අපට ලෝකයට බලපෑමක් ඇති කළ හැකිය. අපි එය කරන්නේ දෙවියන්වහන්සේ අපට අවශ්‍ය දේ සපයන බැවින් අන් අයට ක්‍රිස්තුස්වහන්සේව කේනද්‍ර කර ගත් ආදර්ශයක් තැබීමෙන්ය. උන්වහන්සේ අපගේ ජීවිත ශුභාරංචියට අනුව හැඩ ගස්වන සේක්වා. එවිට අප අවුරුදු දාහත හෝ හැත්තෑවක් වුවද එය අන් අය සමග බෙදා ගැනීමට අපි සුදුස්සෝ වන්නෙමු.