ඕස්ට්‍රේලියාවේ මී පැණි කුරුල්ලා අමාරුවේ වැටී ඇත-මෙම පක්‍ෂියාට තම ගීතය අහිමි වෙමින් පවතී. කලක් බහුලව සිටි විශේෂ කුරුලු ජාතියක් වුවද දැන් ඉතිරිව ඇත්තේ පක්‍ෂීන් තුන් සියයක් පමණි. ගීතය ඉගෙනීමට තවත් ස්වල්ප දෙනෙකු පමණක් සිටින හෙයින් කුරුල්ලන්ට තමන්ගේ අද්වීතිය ගීතය අමතක වන අතර කිරිල්ලියන් ආකර්ශණය කර ගැනීමට අපොහෝසත්ව සිටිති.

වාසනාවකට මෙන් සංරක්‍ෂණවාදීන් මී පැණි කුරුල්ලන්ට ගායනා කිරීමෙන් උන් බේරා ගැනීමට සැළසුම් කරති. උන්ගේ “හදවත් ගීතය” නැවත ඉගෙන ගැනීමට හැකි වන පරිදි වෙනත් පැණි කුරුල්ලන් ගායනා කරන පටිගත කිරීම් උන්ට වාදනය කරති. පිරිමි කුරුල්ලන් තාලය නැවතත් ඉගෙන ගෙන කිරිල්ලියන් නැවතත් ආකර්ශණය කර ගත හොත් මෙම ජාතිය නැවතත් සමෘද්ධිමත් වනු ඇතැයි අපේක්‍ෂා කරති.

අනාගතවක්තෘ කරදරයක සිටින සෙනගකට කථා කළේය. ඔවුන් අතර බොහෝ දූෂිතයන් සිටි හෙයින් දෙවියන්වහන්සේගේ විනිශ්චය පැමිණෙන බව ඔහු නිවේදනය කළේය (ශෙපනියා 3:1-8). පසුව අල්ලා ගැනීිම සහ පිටුවහල් කිරීම සිදු වූ විට මනුෂ්‍යයන්ටද ඔවුන්ගේ ගීතය අහිමි විය (ගීතාවලිය 137:4). නමුත් මෙම විනාශයට පත්වූ මනුෂ්‍යයන් වෙතට දෙවියන්වහන්සේ පැමිණ ඔවුන්ගේ පාප කමා කර ඔවුන්ට ගායනා කරන විනිශ්චයට ඔබ්බෙන් වූ කාලයක් ශෙපනියා දුටුවේය. “උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීති වී තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටින සේක. ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත් වන සේක”(ශෙපනියා 3:17). එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ හදවත්වල ගීතය ප්‍රතිෂ්ඨාපනය වනු ඇත (14 පදය).

අපගේම අකීකරුකම තුළින් හෝ ජීවිතයේ හිරිහැර තුළින් අපටද අපගේ හදවතේ ප්‍රීති ගීතය අහමි විය හැකිය. නමුත් සමාව දීමේ සහ ප්‍රේමයේ ගීත අපට ඉහළින් ගැයෙන හඬක් තිබේ. අපි උන්වහන්සේගේ තනුවට සවන් දී ඒ සමගම ගායනා කරමු.