මගේ ගෙවතු වගා ගමන ආරම්භයේදී මම වේලාසනින් අවදි වී මගේ එලවළු වත්තට දුවන්නේ යමක් පැළවී ඇත්දැයි බැලීමටය. කිසිවක් නැත. “ඉක්මන් ගෙවතු වර්ධනය සඳහා අන්තර් ජාලය සෙවීමෙන් පසුව බීජ පැළවන අවධිය ශාකයක ආයු කාලයෙහි වැදගත්ම අවධිය බව මම දැන ගතිමි. මෙම ක්‍රියාවලිය ඉක්මන් කළ නොහැකි බව මා ඉගෙනගත් අතර පස හරහා සුර්්‍යයා දෙසට ගමන් කරන කුඩා පැළවල ශක්තිය සහ ඌෂ්ණ කාලගුණයට ඔරොත්තු දීමේ හැකියාව මම අගය කළෙමි. සති කිහිපයක් ඉවසිලිවන්තව බලා සිට අවසානයේ පස හරහා වැඩුණු කොළ පැහැති පැළ මාව පිළිගත්තේය.

අපගේ ජීවිතයේ වර්ධනය බොහෝ විට කාලය සහ අරගලය හරහා පැමිණෙන බව පිළිනොගෙන සමහර විට අපගේ ජීවිතයේ ජයග්‍රහණයන් සහ විජයග්‍රහණයන් ප්‍රශංසා කිරීම පහසු වන්නේය. අපි “අනේකාකාර පරීක්‍ෂාවලට වැටෙන කල” එය “ඒ සියල්ල ප්‍රීතියක්ය” කියා සිතන ලෙසට යාකොබ් අපට උපදෙස් දෙන්නේය (යාකොබ් 1:2). නමුත් පරීක්‍ෂාවන් වල කුමක් ගැන සතුටු විය හැකිද?

දෙවියන්වහන්සේ සමහර අවස්ථාවලදී අපට අභියෝග සහ දුෂ්කරතා හරහා යාමට ඉඩ සළස්වන්නේ උන්වහන්සේ අපව කැඳවා ඇත්තේ කවුරුන් වන්නද යන්නට අපව හැඩ ගැස්වීමටය. අප “කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව” (4 පදය) ජීවිතයේ පරීක්‍ෂාවන්ගෙන් අප පිටතට එන තෙක් උන්වහන්සේ අපේක්‍ෂාවෙන් බලා සිටින සේක. යේසුස්වහන්සේ තුළ ස්ථිරව සිටීමෙන් අපට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි වන අතර ශක්තිමත් වෙමින් හා අවසානයේදී ආත්මයේ ඵල අපගේ ජීවිතය තුළ පිපීමට සැළැස්විය හැකිය (ගලාති 2:22-23). උන්වහන්සේගේ ප්‍රඥාව සෑම දිනකම සැබවින්ම සමෘද්ධිමත් වීමට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේය (යොහන් 15:5).