රසායනික චිකිත්සාව (කෙමොතෙරපි) මගින් කරන ලද ප්‍රතිකාර මගේ මාමණ්ඩියගේ අග්නය්‍යාශයේ ගෙඩිය අඩු කළේය. ගෙඩිය නැවත වර්ධනය වන්න පටන් ගත් විට ජීවිතයත් මරණයත් අතර තීරණයක ඔහුව තැබුවේය. ඔහු තම වෛද්‍යවරයාගෙන් ඇසුවේ “මම මේ රසායනික චිකිත්සාව මගින් කරන ප්‍රතිකාරය තවත් ගත යුතුද නැත්නම් වෙනත් fඖෂධයක් හෝ විකීරණ භාවිතා කළ යුතුද?” කියාය.

යුදාහි වැසියන්ටද ඒ හා සමානම ජීවිතය හා මරණය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණි. යුද්ධයෙන් හා සාගතයෙන් වෙහෙසට පත් වූ දෙවියන්වහන්සේගේ සෙනග කල්පනා කළේ ඔවුන්ගේ ප්‍රශ්නයට හේතු වූයේ ඕනෑවට වඩා රූප වන්දනාවද නැතහොත් රූප වන්දනාව ප්‍රමාණවත් නොවීමද යන්නයි. ඔවුන් නිගමනය කළේ බොරු දෙවියෙකුට තවත් පූජා ඔප්පු කර එම දෙවිවරිය ඔවුන්ව ආරක්‍ෂා කර සමෘද්ධිමත් කරයි දැයි බැලීමටය (යෙරෙමියා 44:17).

යෙරෙමියා පැවසුවේ ඔවුන් ඔවුන්ගේ තත්ත්වය වැරදි ලෙස හඳුනා ගෙන ඇති බවයි. ඔවුන්ගේ ප්‍රශ්නය වූයේ පිළිම කෙරෙහි ඇති කැපවීමේ අඩුව නොවේ; ඔවුන්ගේ ප්‍රශ්නය වුයේ ඔවුන් සතුව පිළිම තිබීමයි. “නුඹ ස්වාමින්වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි නුඹට කන් නොදෙන්නෙමුව” (16 පදය) ඔවුහු අනාගතවක්තෘ වරයාට පැවසුවේය. යෙරෙමියා පිළිතුරු දෙමින් “නුඹලා ස්වාමින්වහන්සේගේ හඬට කීකරු නොවී උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද නියෝගවලද ශික්‍ෂාවලද හැටියට නොහැසිර සුවඳ දුම් ඔප්පු කළ නිසාත් ස්වාමින්වහන්සේට විරුද්ධව පව් කළ නිසාත් අද තිබෙන හැටියට මේ මුළු විපත්තිය නුඹලාට පැමිණ තිබේ යයි කීවේය” (23 පදය).

යුදා මෙන් අපත් අපව අමාරුවේ දැමූ පව්කාර තේරීම් දෙගුණ කිරීමට පෙළඹිය හැකිය. සබඳතා ගැටලු වලදී අපට වඩාත් දුරස් විය හැකිය. මූල්‍ය ප්‍රශ්න වලදී අප අපේ ගමන වගකීමකින් තොරව විනෝදයෙන් ගත කළ හැකිය. පසෙකට තල්ලු වන අවස්ථාවලදී අපත් ඒ හා සමානව අනුකම්පා විරහිත වනු ඇත. නමුත් අපගේ ප්‍රශ්නවලට දායක වූ පිළිම වලට අපව ගළවා ගත නොහැකිය. අප යේසුස්වහන්සේ වෙතට හැරෙන විට අපගේ කරදරදවලින් අපව ගෙන යා හැක්කේ උන්වහන්සේට පමණි.