උග්‍ර සත්කාර රෝහලක දැන් වේලාව පාන්දර 3 යි. කණස්සල්ලට පත් වූ රෝගියෙක් පැයක් තුළ සිව්වන වරටත් ඇමතුම් බොත්තම එබුවේය. රාත්‍රි හෙදිය පැමිණිල්ලක් නොමැතිව පිළිතුරු දෙයි. ඒ මොහොතේදී තවත් රෝගියෙක් කෑ ගසමින් අවධානය ඉල්ලා හඬයි. හෙදිය පුදුම වන්නේ නැත. ඇය මීට වසර පහකට පෙර රාත්‍රී වැඩ ඉල්ලා සිටියේ දිවා කාලයේ රෝහලේ මහත් කලබලකාරී තත්ත්වයෙන් මිදීමටය. ඇයට යථාර්ථය පැහැදුනේ එවිටය. රාත්‍රී වැඩ බොහෝ විට රෝගීන් තනිවම ඔසවා තැබීම සහ ඔවුන්ව හැරවීම වැනි අමතර කාර්්‍යයන්ගෙන් යුක්තය. එසේම හදිසි අවස්ථාවලදී වෛද්‍යවරුන්ට දැනුම් දිය හැකි වන පරිදි රෝගීන්ගේ තත්ත්වය සුපරීක්‍ෂාවෙන් නිරීක්‍ෂණය කිරීමද එම කාර්්‍යයන්ට ඇතුළත් වුනි.

රාත්‍රී කාලයේ ඇගේ සහකාරියන් සමග ඇති කිට්ටු මිත්‍රත්වය නිසා මෙම හෙදිය ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට තවමත් අරගල කරන්නීය. බොහෝ විට ඇය ඇගේ සේවය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සළකන අතර දේවස්ථානයෙන් යාච්ඤා ඉල්ලීමක්ද කරයි. “දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. ඔවුන්ගේ යාච්ඤා වෙනසක් ඇති කරන්නේය”.

ඇයගේ ප්‍රශංසාව රාත්‍රී සේවකයෙක්ට මෙන්ම අප සැමටද යහපත් සහ නිවැරදිය. ගීතිකාකරු මෙසේ ලිවීය : “රාත්‍රී භාගයේ ස්වාමින්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමින්ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමින්ට ප්‍රශංසා කරව්. ශුද්ධස්ථානය දෙසට අත් ඔසවා ස්වාමින්ට ප්‍රශසා කරව්” (ගීතාවලිය 134:1-2).

දේව මාළිගාවේ මුරකරුවන් ලෙස සේවය කළ ලෙවීවරුන් සඳහා ලියන ලද මෙම ගීතිකාව ඔවුන් කරන කාර්්‍යයේ වැදගත්කම වන දිවා රෑ දේව මාළිගාව ආරක්‍ෂා කිරීම බව පිළිගත්තේය. අපගේ කාර්්‍යයන් නොනවතින ලෝකයේ විශේෂයෙන්ම රාත්‍රී කාලයේ සේවකයන් සඳහා මෙම ගීතිකාව බෙදා ගැනීම සුදුසු යැයි හැඟේ. නමුත් අප සෑම කෙනෙකුටම රාත්‍රියේදී දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ හැකිය. ගීතාවලිය තවදුරටත් එකතු කරන පරිදි “ස්වාමින්වහන්සේ, එසේය, අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ, සියොන්හී සිට නුඹට ආශිර්වාද කරන සේක්වා” (3 පදය).