නිව් මෙක්සිකෝවේ කාල්ස්බෑඞ් හී කිතුනු සේවාවක් එම ප්‍රදේශ වාසීන්ට සෑම මසකම නොමිළේ ආහාර රාත්තල් 24,000 කට වඩා සපයමින් ඔවුන්ට සහාය වූහ. එම සේවාවේ නායක තුමා බෙදා ගත්තේ “මිනිසුන්ට මෙහි පැමිණිය හැකිය. අපි ඔවුන් පිළිගෙන ඔවුන් ජීවත්වී සිටින ස්ථානයේම ඔවුන්ව මුණගැසෙන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ ඔවුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතාවය ලබා ගැනීමට ඔවුන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා සපුරාලීමයි” යනුවෙනි. ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන් අප ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ අපට ලබා දී ඇති දෙය අන් අයට ආශිර්වාද කිරීම සඳහා භාවිතා කිරීමත් අපගේ ප්‍රජාවන් උන්වහන්සේ වෙතට ළං කිරීමත්ය. දෙවියන්වහන්සේට ගෞරවය ගෙන දෙන සේවය සඳහා වූ හදවතක් අපට වර්ධනය කර ගත හැක්කේ කෙසේද?

දෙවියන්වහන්සේ අපට ලබා දී ඇති ත්‍යාගයන් අන් අයට ප්‍රයෝජනවත් වන පිණිස භාවිතා කරන්නේ කෙසේදැයි අපට පෙන්වා දෙන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටීමෙන් සේවය සඳහා හදවතක් අපට වර්ධනය කර ගත හැකි වන්නේය (1 පේත්‍රැස් 4:10). මේ ආකාරයෙන් දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කර ඇති බොහෝ දේ සඳහා අපට “බොහෝ ස්තුතිදීම්ද උපදින්නේය” (2 කොරින්ති 9:12).

අන් අයට සේවය කිරීම යේසුස්වහන්සේගේ සේවයේ වැදගත් අංගයක් වුනි. උන්වහන්සේ රෝගීන්ව සුව කළ විට සහ බඩගිනි අයව පෝෂණය කළ විට උන්වහන්සේ බොහෝ දෙනෙකුට දෙවියන්වහන්සේගේ යහපත්කම සහ ප්‍රේමය හඳුන්වා දුන් සේක. අපගේ ප්‍රජාවන් රැක බලා ගැනීමෙන් අපි උන්වහන්සේගේ ගෝලත්වයේ ආදර්ශය අනුගමනය කරන්නෙමු. දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අපට මතක් කර දෙන්නේ අපි අපගේ ක්‍රියාවන් තුළින් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රදර්ශනය කරන විට “අන් අය දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන” බවයි (13 පදය). සේවය යනු ආත්ම තෘප්තිය සඳහා නොව දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ තරම සහ උන්වහන්සේගේ නාමයෙන් හඳුන්වනු ලබන අය මගින් උන්වහන්සේ ක්‍රියා කරන ආශ්චර්යමත් ආකාරය අන් අයට පෙන්වා දීමයි.