මහා ආර්ථික බිඳ වැටීම අතරතුර හැදී වැඩීම ගැන ජුවනීටා තම ඥාති පුත්‍රයාට පැවසුවාය. ඇගේ දුප්පත් පවුලට කෑමට තිබුණේ ඇපල් පමණක් සහ ඇගේ පියාට සැපයිය හැකිවූ ඕනෑම දඩ මස් වර්ගයකි. ඔහු රාත්‍රී ආහාරය සඳහා ලේනෙකු රැගෙන එන විට ඇගේ මව පවසන්නේ “මට ඔය ලේන් ඔළුව දෙන්න. මට කන්න ඕනැ එපමණයි. ඒක තමයි හොඳම මස් කෑල්ල” යනුවෙනි. ඇගේ මව එය කෑවේ නැත. ඇය එය ප්‍රණීත ආහාරයක් ලෙස මවා පෑවේ “එයින් ළමයින්ට වැඩිපුර කෑමට ගත හැකි අතර අපි ඇය ගැන කරදර නොවන නිසාය”.

අපි හෙට මව්වරුන්ගේ දිනය සමරන අතර අපගේ මවගේ කැපවීමේ කථාන්දර සිහිපත් කරමු. අපි ඔවුන් වෙනුවෙන් දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වෙමින් ඔවුන් මෙන් ආදරය කිරීමට උත්සාහ කරමු.

පාවුල් තෙසලෝනික සභාවට සේවය කළේ “කිරි දෙන මවක් තම දරුවන් රැකබලා ගන්නා ලෙසය” (1 තෙසලෝනික 2:7). ඔහු දැඩි ලෙස ප්‍රේම කරමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට පැවසීමට සහ ඔවුන් සමග තම ජීවිතය බෙදා ගැනීමට “ප්‍රබල විරුද්ධත්වය” තුළ සටන් කළේය (2 සහ 8 පද). “අපි නුඹලාගෙන් කිසිවෙකුට බර නොවන පිණිස රෑ දාවල් වැඩ කරමින් දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට දේශනා කළෙමුව” (9 පදය). හරියටම අම්මා වගේ.

මවකගේ ආදරයට විරුද්ධ විය හැක්කේ ස්වල්ප දෙනෙකුට පමණි. පාවුල් නිහතමානීව පැවසුවේ තම උත්සාහය “නිෂ්ඵල වී නැති” බවයි (1 පදය). අන් අය ප්‍රතිචාර දක්වන ආකාරය අපට පාලනය කළ නොහැකි වන නමුත් අපට පරිත්‍යාගශීලී ආකාරයකින් ඔවුන්ට සේවය කිරීම සඳහා දිනෙන් දින පෙනී සිටීමට තෝරා ගත හැකිය. අම්මා ආඩම්බර වන අතර අපේ ස්වර්ගික පියාණන් වහන්සේද ආඩම්බර වන සේක.