මිනිසුන් හඳුනා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඇඟිලි සළකුණු භාවිතා කළත් පිටපත් නිර්මානය කිරීමෙන් ඒවා ව්‍යාජ ලෙස සකස් කළ හැකිය. ඒ හා සමානව ඇසේ ඇති කළු ඉංගිරියාවේ රටාව හැඳුනුම්පත සඳහා විශ්වාසදායක මූලාශ්‍රයකි. ඒ ප්‍රතිඵල විකෘති කිරීම සඳහා යමෙකු අක්‍ෂි කාචයකින් රටාව වෙනස් කරන තුරුය. පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා “ජෛවමතික භාවිතය” (ඇඟිලි සළකුණු සහ ඇසේ කළු ඉංගිරියාව භාවිතය) පරාජය කළ හැකිය. එසේ නම් අනන්‍ය හඳුනා ගැනීමේ ලක්‍ෂණයක් ලෙස සුදුසුකම් ලබන්නේ කුමක්ද? සෑම කෙනෙක්ගේම රුධීර නාල රටා අද්වීථිය වන අතර ව්‍යාජ ලෙස සකස් කළ නොහැකි බව පෙනේ. ඔබගේම පුද්ගලික “ශිරා සිතියම” යනු මටම හෝ ඔබටම හෝ ආවේනික වූ හඳුනා ගැනීමේ ක්‍රමයක් වන අතර එය ඔබව පෘථිවියේ සිටින සියලු දෙනාගෙන්ම වෙන් කර දක්වයි.

මිනිසුන්ගේ එවැනි සංකීර්ණතා ගැන මෙනෙහි කිරීම මගින් අපව මැවූ මැවුම්කරුට නමස්කාර කිරීමේ හැඟීමක් හා පුදුමයක් අප තුළ ඇති කළ යුතු වන්නේය. දාවිත් අපට මතක් කර දෙන්නේ අපව “භයානක ලෙසත් පුදුම ලෙසත්” සාදා ඇති බවයි (ගීතාවලිය 139:14). එය නිසැකවම සැමරීමට වටී. ඇත්තෙන්ම ගීතාවලිය 111:2 අපට මතක් කර දෙන්නේ “ස්වාමින්ගේ ක්‍රියා මහත්ය. ඒවාට ප්‍රියවන සියල්ලෝ ඒවා සොයා මෙනෙහි කරති” කියාය.

අපගේ අවධානයට වඩාත් වටින්නේ දිව්‍යමය මැවුම්කරුවාණන් වහන්සේය. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා සමරන අතරම අප උන්වහන්සේවද සැමරිය යුතු වන්නෙමු. උන්වහන්සේගේ ක්‍රියා ශ්‍රේෂ්ඨය. නමුත් උන්වහන්සේ ඊටත් වඩා ශ්‍රේෂ්ඨය. එය ගීතිකාකරුට මෙසේ යාච්ඤා කරන්න පොළඹවන ලදී : “මක්නිසාද ඔබ උතුම්ය. ආශ්චර්යය ක්‍රියා කරන සේක. ඔබ පමණක් දෙවියන්වහන්සේය” (ගීතාවලිය 86:10).

අද අපි දෙවියන්වහන්සේ කරන දේවල ශ්‍රේෂ්ඨත්වය සළකන විට උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මගින් උන්වහන්සේ කවුරුන්ද යන්න ගැන පුදුම වෙමු.