දුර්ලභ සහ සුව කළ නොහැකි වූ මොළයේ පිළිකාවක් පිළිබඳව විනාශකාරී රෝග විනිශ්චයක් ගැන දැන ගැනීමෙන් පසුව කැරොලයින් අද්වීථිය සේවාවක් තුළින් නව බලාපොරොත්තුවක් සහ අරමුණක් සොයා ගත්තාය. එනම් බරපතල ලෙස රෝගාතුර වූ දරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ස්වෙච්ඡා ඡායාරූප සේවාවක් පටන් ගැනීමෙනි. මෙම සේවාව මගින් පවුල් වලට ඔවුන්ගේ දරුවන් සමග ගත කළ අගනා අවස්ථාවන්ද ශෝකයේ මෙන්ම “එවැනි ස්ථානවල පවතී යැයි අපි බලාපොරොත්තු නොවන දයාවේ සහ සුන්දරත්වයේ අවස්ථාවන්ද” යන දෙකම බෙදා ගැනීමට හැකියාව ලැබුණි.

ශෝකය පිළිබඳ සත්‍යය ග්‍රහණය කර ගැනීමේදී කිව නොහැකි තරම් ප්‍රබල දෙයක් තිබේ. එනම් එහි විනාශකාරී යථාර්ථය හා ඒ මධ්‍යයේ අප සුන්දරත්වය සහ බලාපොරොත්තුව යන දෙකම අත් විඳින ආකාරයයි.

යෝබ්ගේ පොතේ බොහෝමයක් ශෝකයේ ඡායාරූපයක් බඳු වන්නේ විනාශකාරී අලාභයක් තුළින් යෝබ්ගේ ගමන අවංකව ග්‍රහණය කර ගත් හෙයිනි (1:18-19). දින කිහිපයක් යෝබ් සමග හිඳීමෙන් පසු ඔහුගේ මිතුරන් ඔහුගේ ශෝකයෙන් වෙහෙසට පත් වූ අතර එය අවම කිරීමට හෝ එය දෙවියන්වහන්සේගේ විනිශ්චයක් ලෙස හෝ එය පැහැදිළි කිරීමට යොමු වූහ. නමුත් යෝබ් ඒ කිසිවක් ගැන එකඟ නොවූ අතර ඔහු අත් විඳින දෙය වැදගත් බව අවධාරනය කරමින් ඔහුගේ අත්දැකීම්වල සාක්‍ෂිය “සදාකාලේටම පර්වතයෙහි කොටා තැබීම” (යෝබ් 19:24) මැනවැයි සිතුවේය.

යෝබ්ගේ පොත පුරාම අපගේ වේදනාවේදී අපව මුණ ගැසී මරණය තුළින් නැවත නැගිටීමේ ජීවිතයකට අපව ඔසවා ගෙන යන ජීවමාන දෙවියන්වහන්සේ (26-27 පද) වෙතට අපව යොමු කරනවා දැකිය හැකිය.