මම යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙක් වූ පසුව මම මගේ මව සමග ශුභාරංචිය බෙදා ගත්තෙමි. මම බලාපොරොත්තු වූ පරිදි යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට තීරණයක් ගැනීම වෙනුවට ඇය වසරකට මා සමග කථා කිරීම නැවැත්වූවාය. යේසුස්වහන්සේ අනුගමනය කරන බව කියන මිනිසුන් සමග ඇයගේ නරක අත්දැකීම් නිසා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් විශ්වාස කිරීමට ඇයට අපහසු විය. මම ඇය වෙනුවෙන් යාච්ඤා කරමින් සතිපතා ඇය වෙත ළඟා වීමි. මගේ අම්මා මට නිහඬව සළකද්දී ශුද්ධාත්මයාණන්වහන්සේ මාව සනසමින් මගේ හදවතේ වේදනාව අඩු කළ සේක. අවසානයේදී ඇය මගේ දූරකථන ඇමතුමට පිළිතුරු දුන් විට මම ඇයට ආදරය කිරීමටත් මට අවස්ථාව ලැබෙන සෑම විටම දෙවියන් වහන්සේගේ සත්‍යය ඇය සමග බෙදා ගන්ටත් කැපවී සිටියෙමි. අපගේ සමගි වීමේ මාස ගණනකට පසුව
“මම වෙනස් වෙලා” කියා ඇය කීවාය. වසරකට පසුව ඇය තම ගැළවුම්කරුවාණන් ලෙස යේසුස්වහන්සේව පිළිගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ සම්බන්ධතාවයද ගැඹුරු වුනි.

යේසුස්වහන්සේ අදහන මනුෂ්‍ය වර්ගයාට දෙන ලද ශ්‍රේෂ්ඨතම ත්‍යාගය වන ක්‍රිස්තුස්වහන්සේ වෙත ප්‍රවේශය ඇත්තේය. අපෝස්තලු පාවුල් පවසන්නේ අපි “සියලු තැන්වල උන්වහන්සේගේ දැන ගැනීම නැමති සුවඳ පැතිරවිය” යුතු බවයි (2 කොරින්ති 2:14). ශුභාරංචිය බෙදා ගන්නා අයවළුන් ඇදහිලිවතුන්ට “ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රසන්න සුවඳ” ලෙසට හඳුන්වයි. එසේම යේසුස් වහන්සේ ප්‍රතික්‍ෂේප කරන අයව මරණයට පත්කරවන බවද පිළිගනී (15-16 පද).

ක්‍රිස්තුස්වහන්සේව අපගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමෙන් පසුව අන් අයට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ජීවිත වෙනස් කරන සත්‍යය ප්‍රචාරය කිරීමට මිහිමත අපගේ සීමිත කාලය යෙදවීමේ වරප්‍රසාදය අපට ඇත. අපගේ දුෂ්කරම සහ හුදකලා අවස්ථාවන්හිදී පවා අපට අවශ්‍ය දේ උන්වහන්සේ සපයනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය. පුද්ගලික වියදම කුමක් වූවත් දෙවියන්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීම සෑම විටම වටින්නේය.