1799 දී දොළොස් හැවිරිදි කොන්රඞ් රීඞ් උතුරු කැරොලයිනාවේ ඔහුගේ පවුලේ කුඩා ගොවිපළ හරහා දිවෙන ඇලේ තිබී විශාල දිලිසෙන ගලක් සොයා ගත්තේය. දුප්පත් සංක්‍රමණික ගොවියෙක් වූ තම පියාට පෙන්වීමට ඔහු එය ගෙදර ගෙන ගියේය. ඔහුගේ පියා ගලේ අධික වටිනාකම තේරුම් නොගත් අතර එය දොර රඳවනයක් ලෙස භාවිතා කළේය. පවුල වසර ගණනාවක් එය අසළින් ඇවිද ගියේය.

අවසානයේ කොන්රඞ්ගේ ගල, ඇත්ත වශයෙන්ම පවුම් දාහතක රන් කුට්ටිය දේශීය ස්වර්ණාභරණ කරුවෙකුගේ ඇසට හසු විය. වැඩිකල් නොගොස් රීඞ් පවුල ධනවත් වූ අතර ඔවුන්ගේ ඉඩම එක්සත් ජනපදයේ පළමු වරට පොළොව යට තිබී හමුවූ රත්තරන් වලින් පිරුණු ස්ථානය බවට පත් විය.

සමහර විට අපිත් ආශිර්වාදය පසුකර අපේම සැළසුම් සහ මාර්ගවල චේතනාවෙන් ගමන් කරන්නෙමු. දෙවියන්වහන්සේට අකීකරු වීම නිසා ඊශ්‍රායෙල්වරුන්ව බබිලෝනියට පිටුවහල් කළ පසු උන්වහන්සේ නැවත වරක් ඔවුන්ට නිදහස ප්‍රකාශ කළ සේක. එසේම ඔවුන්ට මග හැරුණු දේ ගැනද උන්වහන්සේ ඔවුන්ට මතක් කර දුන් සේක. ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක : “ප්‍රයෝජන ලබා ගැනීමට නුඹට උගන්වන්නේත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙන යන්නේත් නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේ වන මමය. අනේ නුඹ මාගේ ආඥාවලට ඇහුම් කන් දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රළ මෙන්ද වන්නේය”. ඉන්පසු දෙවියන්වහන්සේ ඔවුන්ව දිරිමත් කළේ පැරණි මාර්ගවලින් ඉවත්ව නව ජීවිතයක් තුළ උන්වහන්සේව අනුගමනය කරන ලෙසටයි. “බබිලෝනියෙන් පිටතට යන්න….. ප්‍රීතිමත් හඬින් මෙය දන්වා..
පතළ කරන්න” (යෙසායා 48:17-18, 20).

බබිලෝනියෙන් පිටවීම යනු සමහර විට එදා තරම්ම පව්කාර මාර්ග අත්හැර අපට යහපත කිරීමට ආශා කරන දෙවියන්වහන්සේ වෙතට “නිවසට පැමිණීම” යන්නයි. ඒ අපි උන්වහන්සේට කීකරුව උන්වහන්සේව අනුගමනය කරන්නේ නම් පමණි!