මම මගේ විනාඩි හතළිහක ව්‍යායාමයේ අවසන් මිනිත්තු කිහිපයට අතුළු වන විට මගේ උපදේශකයා
“ශක්තිමත්ව අවසන් කරන්න” යනුවෙන් කෑ ගසන බවට මට සහතික විය හැක. මා දන්නා සෑම පුද්ගලික පුහුණුකරුවෙක්ම හෝ කණ්ඩායම් යෝග්‍යතා නායකයෙක්ම අවසානයට විනාඩි කිහිපයකට පෙර එම වාක්‍ය ඛණ්ඩය භාවිතා කරයි. ව්‍යායාමයේ අවසානය ව්‍යායාම්වලට පෙනී සිටීම තරම්ම වැදගත් බව ඔවුහු දනිති. ඒ වගේම මිනිස් සිරුර යම් කාලයක් චලනය වන විට වේගය අඩු කිරීමට හෝ මන්දගාමී වීමට කැමති බව ඔවුහු දනිති.

යේසුස්වහන්සේ සමග අපගේ ගමනේදීද එය එසේමය. පාවුල් එපීසයේ සභාවේ වැඩිමහල්ලන්ට පැවසුවේ තමා යෙරුසලමට යන විට ශක්තිමත්ව අවසන් කළ යුතු බවත් එහිදී ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තලු වරයෙක් ලෙසට ඔහුට තවත් පීඩාවන්ට ඒකාන්තයෙන්ම මුහුණ දීමට සිදුවන බවත්ය (ක්‍රියා 20:17-24). කෙසේ වෙතත් පාවුල් නොසැලී සිටියේය. ඔහුට මෙහෙවරක් තිබුණු අතර එය ඔහු ආරම්භ කළ ගමන අවසන් කිරීම සහ දෙවියන්වහන්සේ ඔහුට පැවරූ දේ කිරීමය. ඔහුට තිබුණේ එක කාර්යයකි. එනම් “දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචිය” පැවසීමය (24 පදය). එසේම ඔහුට අවශ්‍ය වූයේ ශක්තිමත්ව අවසන් කිරීමටය. දුෂ්කරතා ඔහු පෙරමගට පැමිණියද (23 පදය) ඉලක්කය කරා අවධානය යොමු කර ඔහුගේ ගමනේ ස්ථිරව සිටීමට තීරණය කර ගෙන ඔහු තම අවසන් රේඛාව දෙසට දිගටම දිව ගියේය.

අපි අපගේ ශාරීරික මාංශ පේශීවල ව්‍යායාම කළත් අපගේ දෙවියන්වහන්සේ විසින් ලබා දී ඇති හැකියාවන් අපගේ ජීවිතය, වචන සහ ක්‍රියාවන් තුළින් ක්‍රියාත්මක කළත් ශක්තිමත්ව අවසන් කිරීමට සිහි කැඳවීම මගින් අපව දිරිමත් කර ගත හැකිය. “වෙහෙසට පත් නොවන්න” (ගලාති 6:9). අත් හරින්න එපා. ශක්තිමත්ව අවසන් කිරීමට ඔබට අවශ්‍ය දේ දෙවියන්වහන්සේ සපයන සේක.