“නැහැ! මම ඒක කළේ නැහැ” ජේන් තම නව යොවුන් වියේ පුතාගේ ප්‍රතික්‍ෂේප කිරීම ශෝකී හදවතකින් අසා සිටියේ ඔහු පවසන්නේ සත්‍යය නොවන බව ඇය දැන සිටි හෙයිනි. සිදුවූයේ කුමක්දැයි නැවත සයිමන්ගෙන් ඇසීමට පෙර ඇය දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤාවක් කළාය. ඔහු දිගින් දිගටම ඔහු බොරු කී බව ප්‍රතික්‍ෂේප කළ හෙයින් අවසානයේ ඇය දැඩි කෝපයෙන් දෑත් එසෙව්වාය. ඇයට විවේකයක් අවශ්‍ය බව පවසමින් ඇය ඉවතට යද්දී ඇගේ උරහිස මත අතක් රැඳුණු අතර ඔහුගේ සමාව ඇයැදීම ඇසුණේය. ඔහු ශුද්ධාත්මයාණන්ගේ හඬට ප්‍රතිචාර දක්වමින් පසුතැවිලි වුනි.

පරණ ගිවිසුමේ යෝවෙල්ගේ පොතෙහි දෙවියන්වහන්සේ තම සෙලඟව මුළු හදවතින්ම තමන් වෙත හැරී එන ලෙසට පිළිගත් හෙයින් ඔවුන් තම පාපයන් ගැන සැබෑ ලෙසට පසුතැවිලි වීමට ඔවුන් කැඳවූ සේක (2:12). ඔවුන් ඔවුන්ගේ දැඩි ආකල්ප මෘදු කර ගැනීම මිස දෙවියන්වහන්සේ ඔවුන්ගේ පසු තැවීමේ බාහිර ක්‍රියා සෙවුවේ නැත. “නුඹලාගේ වස්ත්‍ර නොව සිත් ඉරා ගෙන”. “දෙවියන්වහන්සේ දයාවන්තවූ අනුකම්පාවෙන් පූර්ණවූ ඉවසිලිවන්තවූ ඉතා කරුණාවන්ත කෙනෙක්” බව යෝවෙල් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කර දුන්නේය (13 පදය).

අපගේ වැරදි ක්‍රියාවන් පාපෝච්චාරණය කිරීමට අපට අපහසු වන්නේ අපගේ උඩඟුකම නිසා අපගේ පාප පිළිගැනීමට අපි අකමැති හෙයිනි. සමහර විට අපි සත්‍යය බොරු කර ඇති අතර එය “සුළු බොරුවක්” පමණක් යැයි පවසමින් අපගේ ක්‍රියාවන් සාධාරණීයකරණය කරන්නෙමු. නමුත් පසුතැවිලි වීමට දෙවියන් වහන්සේගේ මෘදු නමුත් ස්ථිර පෙළඹවීමට අප අවනත වන කල්හි උන්වහන්සේ අපට සමාව දී අපගේ සියලු පාපවලින් අපව පවිත්‍ර කරන සේක (1 යොහන් 1:9). අපට සමාව ලැබී ඇති බව දැන ගැනීමෙන් අපට වරදකාරී හැඟීමෙන් හා ලැජ්ජාවෙන් නිදහස් විය හැකිය.