1980 ගණන්වල මුල් කාලයේදී දෙවියන්වහන්සේව විශ්වාස නොකළ ප්‍රමූඛ “ග්‍රහ තාරකා” පිළිබඳ විද්‍යාඥයෙක් මෙසේ ලිවීය. “කරුණු පිළිබඳ සාමාන්‍ය බුද්ධිමය අර්ථකථනයකින් පෙනී යන්නේ “සුපිරි බුද්ධියක් තිබෙන කෙනෙක්” භෞතික විද්‍යාව සමග මෙන්ම රසායන විද්‍යාව හා ජීව විද්‍යාවද පටලවා ගෙන (අනාගෙන) ඇති බවයි”. මෙම විද්‍යාඥයාගේ ඇසට සාක්‍ෂිවලින් පෙනී ගියේ විශ්වයේ අපි නිරීක්‍ෂණය කරන සෑම දෙයක්ම යම් දෙයක් විසින් නිර්මාණය කර ඇති බවයි. “සොබා දහම ගැන කතා කිරීමට තරම් අන්ධ බලවේග නොමැත” කියා ඔහු තවදුරටත් පැවසීය. වෙනත් වචන වලින් කිවහොත් අපට පෙනෙන සෑම දෙයක්ම යමෙකු විසින් සැළසුම් කර ඇති බව පෙනෙන්නට තිබේ කියාය. එසේ වූවත් මෙම ග්‍රහ තාරකා විද්‍යාඥයා අදේවවාදියෙක් ලෙසම සිටියේය.

වසර තුන් දහසකට පෙර තවත් බුද්ධිමත් මනුෂ්‍යයෙක් අහස දෙස බලා වෙනත් නිගමනයකට එළඹුණි.
“ස්වකීය ඇඟලි වැඩය වූ ඔබගේ අහස් තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනා කරන කළ ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍ය පුත්‍රයා සැළකීමට ඔහු කවරෙක්ද?” කියා දාවිත් කල්පනා කළේය (ගීතාවලිය 8:3-4).

එසේ වූවත් දෙවියන්වහන්සේ අප ගැන ගැඹුරින් සැළකිලිමත් වූ සේක. විශ්වය පවසන්නේ එහි බුද්ධිමත් නිර්මාණකරුවාණන් වන “සුපිරි බුද්ධිය” අපගේ මනස සාදා උන්වහන්සේගේ කාර්යය මෙනෙහි කිරීමට අපව මෙහි තැබූ කථාවයි. යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ මැවිල්ල තුළින් අපට දෙවියන්වහන්සේව දැන ගත හැකිය. “ක්‍රිස්තුස්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටින සේක. ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියලු දේ උන්වහන්සේ කරණකොට ගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ” (කොලොස්සි 1:15-16) යනුවෙන් පාවුල් ලීවේය.

ඇත්ත වශයෙන්ම විශ්වය අවුල් වී නැත. බුද්ධිමත් නිර්මාණකරුවාණන්ගේ අනන්‍යතාවය සෙවීමට කැමති ඕනෑම අයෙකුට සොයා ගැනීමට එය තිබේ.