1896 දී කාල් ඇකේලී නම් ගවේෂකයෙක් ඉතියෝපියාවේ ඉතා දුර ප්‍රදේශයක සිටිද්දී රාත්තල් අසූවක් බර දිවියෙක් ඔහුව ලුහු බඳින බව දැන ගත්තේය. දිවියා “උගේ දත් මගේ උගුරේ හිර කරන්න” උත්සාහ කරන අයුරු ඔහුට සිහිපත් වුනි. ඌට එය කිරීමට නොහැකි වූ අතර උගේ දරුණු හකු වලින් ඌ කාල්ගේ දකුණු අත අල්ලා ගත්තේය. දෙදෙනාම වැල්ලේ පෙරළී දිගු හා දරුණු අරගලයකට මුහුණ දුනි. ඇකේලි දුර්වල වූ අතර “මුලින්ම අතහරින්නේ කවුද” යන්න ප්‍රශ්නයක් බවට පත් විය. ඔහුගේ අවසන් ශක්තිය එකතු කර ගත ඇකේලිට තම දෑතින්ම මෙම දිවියාගේ හුස්ම හිර කිරීමට හැකි වුනි.

අපෝස්තලු පාවුල් පැහැදිළි කරන්නේ යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අප සෑම කෙනෙක්ම අපගේම දරුණු අරගලවලට එනම් අප යටපත් වී යටත් වීමට පෙළඹෙන ස්ථානවල අනිවාර්යයෙන්ම මුහුණ දෙන බවයි. ඒ වෙනුවට අපි “යක්‍ෂයාගේ උපාය වලට එරෙහිව සිටීමත්” “ස්ථිරව සිටීමත්” කළ යුතු වන්නේය (එපීස 6:11 සහ 14). අපගේ දුර්වලකම් සහ අවදානම ඇති ස්ථානයන් හඳුනා ගත් පසු බිය වන්නේ හෝ කඩා වැටෙන්නේ හෝ නැතිව ඒ වෙනුවට අපි අපගේ ධෛර්ය හා ශක්තිය මත නොව දෙවියන්වහන්සේ මත රඳා සිටිමින් ඇදහිල්ලෙන් ඉදිරියට යන ලෙසට පාවුල් අපට අභියෝග කරන්නේය. “උන්වහන්සේගේ ශක්තියෙහි බලවත්කමෙහි බලවත් වන්න” (10 පදය) ඔහු ලීවේය. අප මුහුණ දෙන අභියෝගවලදී උන්වහන්සේ සිටින්නේ යච්ඤාවක දුරින් පමණි (18 පදය).

එසේය. අපට බොහෝ අරගල ඇති අතර අපගේම බලයෙන් හෝ දක්‍ෂතාවයෙන් හෝ අපි කිසි විටෙකත් ඒවායින් ගැළවෙන්නේ නැත. නමුත් අප මුහුණ දෙන ඕනෑම සතුරෙකුට හෝ නපුරකට වඩා දෙවියන් වහන්සේ බලවත් වන සේක.