“මේ මම කන අන්තිම බැදුණු අල පෙත්තයි” කියා විනාඩි පහකට පසුව අපි තවත් හොයන්නේ ඇයි? මයිකල් මොස් විසින් ඔහුගේ “ලුණු සීනි හා මේදය” යන පොතේ එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. ඇමෙරිකාවේ විශාලතම අතුරු ආහාර නිෂ්පාදකයින් සෞඛ්‍යයට අහිතකර ආහාර වලට ආශා කරන්න මිනිසුන්ට “උදව්” කරන්නේ කෙසේද කියා ඔහු එහි විස්තර කරයි. ඇත්ත වශයෙන්ම එක් ජනප්‍රිය සමාගමක් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් වියදම් කර පාරිභෝගිකයින්ගේ “පූර්ණ සතුට” තීරණය කිරීම සඳහා
“ආශා කරවන උපදේශකයින්” කුලියට ගත් අතර එමගින් ඔවුන්ට අපගේ ආහාර රුචිය සූරා කෑමට හැකි වුනි.

එම සමාගම මෙන් නොව අපගේ ආත්මයන්ට තෘප්තිය ගෙන දෙන සැබෑ ආහාර එනම් අධ්‍යාත්මික ආහාර සඳහා ආශා කිරීමට යේසුස්වහන්සේ අපට උපකාර කරන සේක. උන්වහන්සේ මෙසේ කී සේක :
“ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය. මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය” (යොහන් 6:35). මෙම ප්‍රකාශය කිරීමෙන් උන්වහන්සේ වැදගත් කරුණු දෙකක් සන්නිවේදනය කළ සේක. උන්වහන්සේ කථා කළ රොටී වෙළඳ භාණ්ඩයක් නොව පුද්ගලයෙකි (32 පදය). දෙවනුව මිනිසුන් පව් කමා කිරීම සඳහා යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට ඔවුන් උන්වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවයකට ඇතුළු වන අතර ඔවුන්ගේ ආත්මයේ සෑම ආශාවක්ම ඉටු කරනු ලබන්නේය. මෙම රොටී වනාහි තෘප්තියට සහ ජීවනයට මග පෙන්වන සදකාලික සහ ආත්මික ආහාරයකි.

ස්වර්ගයෙන් පැමිණෙන සැබෑ රොටී වන යේසුස්වහන්සේ කෙරෙහි අප විශ්වාසය තබන විට අපි උන්වහන්සේට ආසා කරන්නෙමු. එසේම උන්වහන්සේ අපව ශක්තිමත් කර අපගේ ජීවිත වෙනස් කරන සේක.