සයිමන්ගේ නිවසට ගිය මගේ ගමන අමතක නොවන එකක් විය. තරු එළිය සහිත අහසේ ආවරණය යටතේ කෙන්යාවේ එන්යාහුරුරු හි පිහිටි ඔහුගේ නිහතමානී නිවසට රාත්‍රී ආහාරය සඳහා අපි ගමන් කළෙමු. අපිරිසිදු පොළොව සහ පහන් ආලෝකය සයිමන්ගේ සීමිත ආර්ථිකය පිළිබිඹු කරයි. කෑම මේසයේ තිබුණු දේ මට මතක් කර ගත නොහැක. අපි ඔහුගේ අමුත්තන් වීම ගැන සයිමන්ගේ සතුට මට අමතක කළ නොහැකි දෙයක් වුනි. ඔහුගේ කාරුණික ආගන්තුක සත්කාරය යේසුස්වහන්සේගේ මෙන් වූ පරාර්ථකාමී, ජීවිතය ස්පර්ශ කරන සහ ප්‍රබෝධමත් කරන්නක් වුනි.

1 කොරින්ති 16:15-18 හි පාවුල් පවුලක් ගැන සඳහන් කරයි. එනම් සෙත්පනස්ගේ පවුලයි (15 පදය). ඔවුහු ආගන්තුක සත්කාර ලබා දීම සඳහා කීර්තියක් ලබා තිබුණි. ඔව්හූ “ශුද්ධවන්තයන්ගේ සේවයට භාරවී” සිටියහ (15 පදය). ඔවුන්ගේ සේවයට පෙනෙන සහ දැනෙන දේවල් ඇතුළත් විය හැකි වුවද (17 පදය) එහි බලපෑම කෙතරම්ද කිවහොත් පාවුල් ලියා ඇත්තේ “ඔවුහු මාගෙත් නුඹලාගෙත් ආත්මය ප්‍රාණවත් කළෝය” යනුවෙනි (18 පදය).

අන් අය සමග බෙදා ගැනීමට අපට අවස්ථාවක් ඇති විට එවැනි අවස්ථාවන්ට ගැළපෙන ආහාර, සැකසීම සහ වෙනත් දේවල් පිළිබඳව අපි නිවැරදිව අවධානය යොමු කරන්නෙමු. නමුත් “කුමක්ද” සහ “කොහේද” යන්න වැදගත් වූවත් ඒවා වඩාත්ම වැදගත් දේවල් නොවන බව අපට සමහර විට අමතක වන්නේය. මතක තබා ගත හැකි ආහාර වේල් විශිෂ්ඨ වන අතර ප්‍රසන්න සැකසුම් වලට ස්ථනයන් ඇත. නමුත් ආහාර වලට සම්පූර්ණයෙන්ම පෝෂණය කිරීමේ සහ දිරිගැන්වීමේ හැකියාවන් සීමා වේ. සැබෑ ප්‍රබෝධය ගලා එන්නේ දෙවියන්වහන්සේගෙන් වන අතර එය හදවතේ කාරණයකි. එය අන් අයගේ හදවත් කරා ළඟා වන අතර ආහාර වේල අවසන් වී බොහෝ කලකට පසුවද එය දිගටම පෝෂණය වන්නේය.