ගොවිපොළක හිමිකාරියක් පීච් ගස් විකිණීමට පටන් ගත්තාය. ඇය විවිධ ප්‍රවේශයන් සළකා බැලුවාය. ඇය ලස්සන සන්දර්ශනයක ගොරෝසු ගෝනි වල කොළ පැළ පෙළට තැබිය යුතුද? වර්ධනයේ විවිධ කාල වලදී පීච් ගස් නිරූපණය කරන වර්ණවත් නාමාවලියක් නිර්මාණය කළ යුතුද? අවසානයේදී ඇත්තටම පීච් ගසක් විකුණන්නේ කෙසේදැයි ඇය වටහා ගත්තාය. එනම් මිහිරි සුවඳක් ඇති, තද තැඹිලි පැහැති සහ අවුල් කෙහෙ රැළි මෙන්වූ පොත්තක් ඇති පීච් ගෙඩියමයි. පීච් ගසක් විකිණීමට ඇති හොඳම ක්‍රමය නම් ඉදුණු පීච් ගෙඩියක් කඩා යුෂ ඔබේ අත දිගේ ගළා යන තෙක් එය කපා පෙත්තක් පාරිභෝගිකයෙකුට ලබා දීමයි. පලතුර රස බලන විට ඔවුන්ට අවශ්‍ය වන්නේ එම ගෙඩිය අයත් ගසයි.

දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ අනුගාමිකයන් තුළ තිබිය යුතු ආත්මික ඵල හෙළි කරයි : එනම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය (ගලාති 5:22-23). යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් එවැනි ඵල ප්‍රදර්ශනය කරන විට අනෙක් අඅයටද එම ඵල තමන්ටම ලබාගැනීමට ආසාවක් ඇති වේ. එම නිසා ඔවුහු එතරම්ම ආකර්ශණීය ඵලයේ මූලාශ්‍රය සොයනවා ඇත.

අපගේ ජීවිතවලට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම පෙන්නුම් කරන ඵල යනු අභ්‍යන්තර සම්බන්ධතාවයක බාහිර ප්‍රතිඵලයකි. ඵල යනු අප නියෝජනය කරන දෙවියන්වහන්සේ ගැන අන් අයට දැන ගැනීමට සළස්වන ඉඟි කිරීමකි. ගසක කොළ පැහැති කොළවලට සම්බන්ධ වී සිටින දීප්තිමත් පීච් මෙන් ආත්මයේ ඵල කුසගින්නෙන් සිටින ලෝකයට නිවේදනය කරන්නේ “මෙන්න ආහාර! මෙන්න ජීවිතය! එන්න, වෙහෙසට සහ අධෛර්යයට එරෙහිව මගක් සොයන්න. එන්න, දෙවියන්වහන්සේව හමුවන්න” කියාය.