ඉරාකයෙන් පැමිණි අමිනා සහ උපතේ සිට ආමරිකානුවෙක් වූ ජෝසප් ප්‍රතිවිරුද්ධ පැතිවල දේශපාලන විරෝධතාවයකට සහභාගී වූහ. ජනවාර්ගිකත්වයෙන් සහ දේශපාලනයෙන් වෙන්වූ අය එකිනෙකා කෙරෙහි අසීමිත වෛරයකින් සිටින බව විශ්වාස කිරීමට අපට උගන්වා ඇත. කෙසේ වෙතත්, කුඩා මැර පිරිසක් ජෝසප්ගේ කමිසයට ගිනි තැබීමට උත්සාහ කළ විට අමිනා ඔහුගේ ආරක්‍ෂාවට දුවගෙන ආවාය. “අපි මිනිසුන් ලෙස තවදුරටත් වෙන් වී සිටිය යුතු යයි මම නොසිතමි” කියා ජෝසප් වාර්තාකරුවෙකුට පැවසුවේය. එසේ වුවද එය හරියට “මෙය සුදුසු අවස්ථාවක් නොවේ” යයි කියන සාමාන්‍ය දෙයක් බඳු විය. දේශපාලනයට වඩා ගැඹුරු දෙයක් අමිනා සහ ජෝසප්ව එකට සම්බන්ධ කළේය.

අපට බොහෝ විට එකිනෙකා සමග සාධාරණ එකඟ නොවීම් ඇති වුවද සමහර අසාධාරණ වෙනස්කම් අපට නොසළකා හැරීමට නුපුළුවන. එයට වඩා අපව එකට බැඳ තබන බොහෝ ගැඹුරු යථාර්තයන් තිබේ. අපි සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් මවන ලද අතර එක් ආදරණීය මිනිස් පවුලක එකට බැඳී සිටින්නෙමු. දෙවියන්වහන්සේ අප සෑම කෙනෙක්ම ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ තරාතිරම, වාර්ගික අනන්‍යතාවය හෝ දේශපාලන ඒත්තු ගැන්වීමෙන් තොරව “උන්වහන්සේගේම ස්වරූපයෙන්” මවා ඇත (උත්පත්ති 1:27). වෙනත් කුමක් සත්‍ය විය හැකි වුවද දෙවියන්වහන්සේව ඔබ සහ මා තුළින් පිළිබිඹු වේ. තවද, දෙවියන්වහන්සේගේ ලෝකය ප්‍රඥාවෙන් සහ සැළකිල්ලෙන් “පිරවීමට” සහ “පාලනය” කිරීමට උන්වහන්සේ අපට හවුල් අරමුණක් ලබා දී ඇත (28 පදය).

අපි දෙවියන්වහන්සේ තුළ එකට බැඳී සිටින ආකාරය අපට අමතක වූ විට අපි අපටත් අන් අයටත් හානියක් කරන්නෙමු. නමුත් අපි උන්වහන්සේගේ කරුණාව සහ සත්‍යය තුළ එකට එකතු වන සෑම විටම යහපත් සහ සමෘද්ධිමත් ලෝකයක් සෑදීමේ උන්වහන්සේගේ ආශාවට අපි සහභාගී වන්නෙමු.