ජෙනරල් චාර්ල්ස් ගෝර්ඩන් (1833-1885) චීනයේ සහ වෙනත් තැන්වල වික්ටෝරියා රැජිනට සේවය කළ නමුත් එංගලන්තයේ ජීවත් වන විට ඔහු තම ආදායමෙන් සියයට 90 ක් ආධාර වශයෙන් ලබා දුන්නේය. ලැන්කෙෂයර්හී සාගතයක් ගැන ඔහුට ආරංචි වූ විට ඔහු ලෝක නායකයෙකුගෙන් ලැබුණු පිරිසිදු රන් පදක්කමක සෙල් ලිපිය ගළවා උතුරට යවා එය උණු කර දුප්පතුන්ට ආහාර මිළදී ගැනීමට මුදල් යොදවන ලෙස පැවසුවේය. එදින ඔහු තම දින පොතේ මෙසේ ලිවීය : මේ ලෝකයේ මා සතුව තිබූ මා අගය කළ භූමික දේ මා යේසුස් වහන්සේට දුන්නෙමි”.

ජෙනරල් ගෝර්ඩන්ගේ ත්‍යාගශීලි මට්ටම අපට දිගු කළ හැකි ප්‍රමාණයට වඩා ඉහළින් සහ ඉන් ඔබ්බට පෙනෙන්ට ඇත. නමුත් අවශ්‍යතා ඇති අය ගැන සොයා බැලීමට දෙවියන්වහන්සේ සෑම විටම උන්වහන්සේගේ සෙනගට පැවසූ සේක. මෝසෙස් මාර්ගයෙන් ලබා දුන් සමහර නීති වල තම කෙත්වල මායිම්වලටම අස්වැන්න නෙළා නොගන්නා ලෙසත් මුළු අස්වැන්න එකතු නොකරන ලෙසත් දෙවියන් වහන්සේ ඉශ්‍රායෙල් සෙනගට උපදෙස් දුන් සේක. ඒ වෙනුවට මිදි වත්තක අස්වැන්න නෙළන විට
“දුප්පතුන්ට සහ විදේශිකයන්ට” වැටුණු මිදි ඉතුරු කරන ලෙසද උන්වහන්සේ පැවසූ සේක (ලෙවී කථාව 19:10). දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ උන්වහන්සේගේ සෙනග ඔවුන් මධ්‍යයේ සිටින අවදානමට ලක් විය හැකි අය ගැන දැනුවත්ව සිටීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමයි.

අපට කොතරම් ත්‍යාගශීලි බවක් දැණුනත් අන් අයට දීමට අපගේ ආශාව වැඩි කිරීමටත් ඒ වෙනුවෙන් නිර්මාණාත්මක ක්‍රම සඳහා උන්වහන්සේගේ ප්‍රඥාව සෙවීමටත් අපට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය. උන්වහන්සේගේ ප්‍රේමය අන් අයට පෙන්වීමට අපට උපකාර කිරීමට උන්වහන්සේ ප්‍රිය කරන සේක.