බටහිර ස්ලෝවේනියාවේ දූරරස්ථ දුර්ගයක සිරවී ඇති රහසිගත වෛද්‍ය මධ්‍යස්ථානයක (ෆ්‍රැන්ජා පාටිසන් රෝහල) දෙවන ලෝක සංග්‍රාමයේදී තුවාල ලැබූ දහස් ගණනකට ප්‍රතිකාර කළ පුළුල් කාර්ය මණ්ඩලයක් මුළු වේලාවේම නාට්සි හමුදාවෙන් සැඟවී නවාතැන් ගෙන තිබුණේය. මෙම පහසුකම සොයා ගැනීමට නාට්සි උත්සාහයන් ගණනාවකින් අනාවරණය වීම වළක්වා ගැනීම කැපී පෙනෙන ජයග්‍රහණයක් වුවද ඊටත් වඩා කැපී පෙනෙන දෙය නම් රෝහල (ස්ලෝවේනියා ප්‍රතිරෝධක ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද සහ පවත්වා ගෙන යනු ලබන මෙම රෝහල) මිත්‍ර පාක්‍ෂික සහ සතුරු හමුදා දෙකෙහිම සොල්දාදුවන් රැක බලා ගැනීමයි. රෝහල සියලු දෙනාවම සාදරයෙන් පිළිගත්තේය.

මුළු ලෝකයම අධ්‍යාත්මිකව සුවපත් කිරීමට උපකාර කරන ලෙස දේව වචනය අපව කැඳවයි. මෙයින් අදහස් කරන්නේ මිනිසුන්ගේ අදහස් හෝ විශ්වාසයන් හෝ අපට වඩා වෙනස් වූවත් අප සියල්ලන්ටම අනුකම්පා කළ යුතු බවයි. සෑම කෙනෙකුම ඔවුන්ගේ මතවාදය කුමක් වූවත් ක්‍රිස්තුස්වහන්සේගේ ආදරය සහ කරුණාව ලැබීමට සුදුසුය. පාවුල් අවධාරණය කරන්නේ යේසුස්වහන්සේගේ සියලු වැළඳ ගැනීම් සහිත ප්‍රේමය
“සියල්ලන් උදෙසා එක් අයෙක් මිය ගිය බව අපට ඒත්තු ගන්වන බවයි” (2 කොරින්ති 5:14). අපි සැවොම පාපය නැමැති රෝගයෙන් පීඩා විඳින්නෙමු. අප සැමට දැඩිව අවශ්‍ය වන්නේ යේසුස්වහන්සේගේ සමාව නැමැති සුවයයි. තවද උන්වහන්සේ අපව සුව කිරීමට අප සියලු දෙනා වෙත ළංව සිටින සේක.

ඉන්පසුව පුදුම සහගත පියවරක් ලෙස දෙවියන්වහන්සේ අපට “උන්වහන්සේ සමග සමගි වීමේ පණිවුඩය” භාර දුන් සේක (19 පදය). දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන්නේ අප වැනිවූ තුවාල වූ සහ කැඩුණු මිනිසුන්ව රැක බලා ගන්නා ලෙසටයි. උන්වහන්සේ සමග එක්වීම තුළින් රෝගීන් සුවය ලබන සුව සේවයකට අපි සහභාගි වන්නෙමු. තවද මෙම සමගිවීම සහ සුවය එය ලබන සියල්ලන්ට අයිති වන්නේය.