සෑම දිනකම ග්ලෙන් පාර අසළ ඇති මෝටර් රථයෙන් ඉවත් නොවී සේවය ලබා ගත හැකි අවන් හලකින් ඔහුගේ උදෑසන කෝපි මිළදී ගන්නේය. තවද සෑම දිනකම ඔහු පිටුපස මෝටර් රථයේ සිටින පුද්ගලයාගේ ඇණවුම සඳහාද මුදල් ගෙවමින් එම පුද්ගලයාට සුභ දවසක් ප‍්‍රාර්ථනා කරන ලෙසට අයකැමියාගෙන් ඉල්ලා සිටින්නේය. ග්ලෙන්ට ඒ අය සමග කිසිදු සම්බන්ධකමක් නොමැත. ඔවුන්ගේ ප‍්‍රතිචාර ගැනත් ඔහු දන්නේ නැත. ඔහු විශ්වාස කරන්නේ මෙම කුඩා ක‍්‍රියාව ඔහුට “කළ හැකි අවම දෙය” ලෙසටයි. එක් අවස්ථාවකදී තම ප‍්‍රාදේශීය පුවත්පතේ කතුවරයාට ලියන ලද නිර්ණාමික ලිපියක් කියවන විට ඔහුගේ ක‍්‍රියාවෙහි බලපෑම ගැන ඔහු දැන ගත්තේය. 2017 ජූලි මස 17 වන දින ඔහුගේ මෙවන් කරුණාව නිසා ඔහුට පිටුපසින් තිබූ මෝටර් රථයේ සිටි පුද්ගලයාට ඔවුන්ගේ ජීවිත නැති කර ගැනීමට කර තිබූ සැළැස්ම නැවත සළකා බැලීමට හැකියාව ලැබී තිබුණි.

ග්ලෙන් තම ක‍්‍රියාව සඳහා කිසිදු පැසසුමක් ලබා නොගෙන තමා පිටුපස තිබෙන මෝටර් රථයේ අයට දිනපතා ලබා දෙන්නේය. ඔහුගේ් කුඩා ත්‍යාගයේ බලපෑම ගැන ඔහුට අවබෝධයක් ලැබුණේ මෙම එකම අවස්ථාවේදී පමණය. “නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා” (මතෙව් 6:3) කිියා යේසුස්වහන්සේ පැවසූ විට උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ ග්ලෙන් කරන ආකාරයටම පිළිගැනීමක අවශ්‍යතාවයක් නොමැතිවම යහපත් ක‍්‍රියා කරන ලෙසටයි.

අන්‍යයන්ගේ ප‍්‍රශංසාව ලැබීම ගැන සැළකිල්ලක් නොදක්වා දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අපගේ පේ‍්‍රමයෙන් අප ලබා දෙන විට අපගේ ත්‍යාග විශාල හෝ කුඩා හෝ වේවා ඒවා ලබන අයගේ අවශ්‍යතා සපුුරාලීම සඳහා උන්වහන්සේ විසින් එය භාවිතා කරනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය.