එක්සත් රාජධානියේ වැඩිහිටියන් පිළිබඳව 2018 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ “ඔවුන් අවදි වන දිනයේ සෑම විනාඩි දොළහකට වරක් ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දූරකථනය පරීක්‍ෂා කරන බවයි”. නමුත් අපි අවංක වෙමු. ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමට හෝ දවස පුරා මගේ දූරකථනයට එන නිමක් නැති ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමට මම කොපමණ වාරයක් අන්තර් ජාලයෙන් “ගූගල්” කරන්නේදැයි සළකා බලන විට මෙම සංඛ්‍යා ලේඛණය අතීශයින් වෙනස් බව පෙනේ. අපගෙන් බොහෝ දෙනෙක් නිරතුරුවම අපගේ සංනිවේදන උපකරණ දෙස බලන්නෙමු. එසේ කරන්නේ මෙම උපකරණය අපව සංවිධානය කිරීමට දැනුවත් කිරීමට සහ සම්බන්ධ කිරීමට අවශ්‍ය දේ සපයනු ඇතැයි යන විශ්වාසයෙනි.

යේසුස්වහන්සේව විශ්වාස කරන්නන් වශයෙන් අපට ස්මාර්ට් ජංගම දූරකථනයට වඩා අසීමිත ලෙස හොඳ සම්පතක් ඇත. දෙවියන්වහන්සේ අපට සමීපව සිටිමින් අපට ප්‍රේම කර සැළකිල්ලක් දක්වන හෙයින් අපගේ අවශ්‍යතා සමග උන්වහන්සේ වෙතට පැමිණිම උන්වහන්සේ ආශාවෙන් බලා සිටින සේක. අප යාච්ඤා කරන විට අපට විශ්වාසයෙන් සිටිය හැක්කේ “උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බව” (1 යොහන් 5:14) බයිබලයේ සඳහන් වන හෙයිනි. බයිබලය කියවීමෙන් සහ දෙවියන්වහන්සේගේ වදන් අපගේ හදවත් තුළ ගබඩා කර ගැනිමෙන් අපට අවශ්‍ය දේ එනම් සාමය, ප්‍රඥාව සහ ඇදහිල්ලද ඇතුළුව උන්වහන්සේ දැනටමත් අප වෙනුවෙන් ලබා දීමට ආශා කරන දේවල්ද උන්වහන්සේ අපට සපයන බවයි (15 පදය).

සමහර විට අපගේ තත්ත්වය වෙනස් නොවන විට දෙවියන්වහන්සේ අපට ඇහුම්කන් නොදෙන බවක් පෙනේ. නමුත් සෑම අවස්ථාවකදීම උන්වහන්සේ වෙතට නොකඩවා හැරීමෙන් අපි දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය ගොඩ නගා ගනිමු (ගීතාවලිය 116:2). අප ආසා කරන සෑම දෙයක්ම අපට නොලැබුණත් උන්වහන්සේගේ පරිපූර්ණ කාලය තුළ අපට අවශ්‍ය දේ ලබා දීමට උන්වහන්සේ පොරොන්දු වී ඇති බව විශ්වාස කිරීම අපගේ ඇදහිල්ලේ වර්ධනයට ඉඩ සළසයි.