සිනහමුසු මුහුණින් යුතුව මගේ වයසක ලොකු නැන්දා ඇගේ ඇඳ මත අසනීපයෙන් සිටියාය. ඇගේ සුදු හිසකෙස් ඇගේ මුහුණෙන් පිටුපසට කර තිබූ අතර ඇගේ කම්මුල් රැළිවලින් වැසී තිබුණි. ඇය වැඩිය කථා නොකළත් මමයි, තාත්තයි, අම්මයි ඇයව බලන්න ගිය අවස්ථාවේ කී වචන ස්වල්පය මට තාමත් මතක තිබේ. “මට තනිකමක් දැනෙන්නේ නැහැ. යේසුස්වහන්සේ මා සමග මෙහි සිටිනවා” කියා ඇය කොඳුරමින් කීවාය.

එකල තනිකඩ කාන්තාවක් වූ මගේ නැන්දාගේ ප්‍රකාශය ගැන මම පුදුම වීමි. ඇගේ ස්වාමි පුරුෂයා මීට වසර කිහිපයකට පෙර මිය ගිය අතර ඇගේ දරුවන් බොහෝ දුර බැහැර ජීවත් විය. ඇගේ ජීවිතයේ අනූවන වසරට ආසන්නව ඇය තනිවම ඇගේ සයනයේ යාන්තම් හෝ එහා මෙහා වීමට පවා නොහැකිව සිටියාය. එසේ වූවත් ඇයට තනිකමක් නැති බව පැවසීමට ඇයට හැකි වුනි.

අපි සියලු දෙනාම කළ යුතු දෙයක් වන යේසුස්වහන්සේ ගෝලයන්ට කියන ලද වදන් මගේ නැන්දා පිළිගත්තාය. “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි” (මතෙව් 28:20). ලෝකයට ගොස් උන්වහන්සේගේ පණිවුඩය අන් අය සමග බෙදා ගන්නා ලෙස ගෝලයන්ට උපදෙස් දුන් විට උන්වහන්සේ පොරොන්දු වූ පරිදි ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය ඇය සමග සිටින බව ඇය දැන සිටියාය (19 පදය). යේසුස්වහන්සේ පැවසුවේ ශුද්ධාත්මයාණන්වහන්සේ ගෝලයන් සමගත් අප සමගත් “පවතින” බවය (යොහන් 14:16-17).

ඒ පොරොන්දුවේ යථාර්ථය මගේ නැන්දා අත් විඳ ඇති බව මට විශ්වාසය. ඇය ඇඳ මත වැතිර සිටින විට ආත්මයාණන්වහන්සේ ඇය සමග වූ සේක. ආත්මයාණන්වහන්සේගේ සත්‍යය පිළිබඳ එම වචන අසා ඒවා හදවතට ගැනීමට අවශ්‍ය වූ තමාගේ තරුණ ලේලියට එම වදන් පැවසීමට ආත්මයාණන්වහන්සේ ඇයව භාවිතා කළ සේක.