ඇට්ලැන්ටාහී පොලිස් නිලධාරියෙක් රියැදුරෙක්ගෙන් ඇසුවේ තමා ඇයව නැවැත්වීමට හේතුව දන්නවාද කියාය. “අදහසක් නැහැ” ඇය කලබලයෙන් කීවාය. “මහත්මිය ඔබ රිය පදවන අතර පණිවුඩ යවමින් සිටියා” යයි නිලධාරියා මෘදු ලෙස ඇයට කීවාය. ඇය ඇගේ ජංගම දූරකථනය සාක්‍ෂියක් ලෙස ඔසවා “නැහැ නැහැ” කියා විරෝධය පෑවාය. “එය විද්‍යුත් තැපෑලකි” ඇය කීවාය.

රිය පැදවීමේදී ජංගම දුරකථනයකින් කෙටි පණිවුඩ යැවීම තහනම් කරන නීතියකින් අපට විද්‍යුත් තැපැල් භාවිතා කිරීමට හිඩැසක් ලබා නොදේ. නීතියේ අරමුණ කෙටි පණිවිඩ යැවීම වැළැක්වීමක් නොවන අතර එය රියැදුරාගේ අවධානය වෙනතකට යොමු කිරීම වැළැක්වීම සඳහා වේ.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ දවසේ ආගමික නායකයින්ට චෝදනා කළේ ඊටත් වඩා නරක හිඩැස් ඇති කළ නිසාවෙනි. “දෙවියන්වහන්සේගේ ආඥා පසෙකට දැමීමට ඔබට හොඳ ක්‍රමයක් තිබේ” කියා උන්වහන්සේ සාක්‍ෂි ලෙස පැවසුවේ “නුඹේ පියාටත් නුඹේ මවටත් ගෞරව කරන්න” යන ආඥාව උපුටා දක්වමිනි (මාර්ක් 7:9-10). ආගමික භක්තියේ කුහක සළුව යටතේ මෙම ධනවත් නායකයින් තම පවුල නොසළකා හරිමින් සිටියහ. ඔවුහු හුදෙක් ඔවුන්ගේ මුදල් “දෙවියන්වහන්සේට කැප කළ” ලෙස ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ මහලු වියේදී මවට සහ පියාට උදව් කිරීමට අවශ්‍ය නැතැයි පැවසූහ. යේසුස්වහන්සේ ඉක්මණින්ම ගැටළුවේ හරි මැදට පැමිණි සේක. “නුඹලාගේ නියෝග වලින් නුඹලා දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කරන්නහුය” (13 පදය). ඔවුහු දෙවියන්වහන්සේට ගෞරව නොකළ අතර තම දෙමාපියන්ටද අගෞරව කළෝය.

හේතු දැක්වීම තේරුම් ගැනීමට අපහසු විය හැකිය. එය සමග අපි වගකීම්වලින් වැළකී ආත්මාර්ථකාමී හැසිරීම් පැහැදිළි කරමින් දෙවියන්වහන්සේගේ සෘජු ආඥා ප්‍රතික්‍ෂේප කරන්නෙමු. එයින් අපගේ හැසිරීම විස්තර කරන්නේ නම් අපි අපවම රවටා ගන්නෙමු. තම පියාණන්වහන්සේගේ යහපත් උපදෙස් පිටුපස ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම සඳහා අපගේ ආත්මාර්ථකමී බව හුවමාරු කර ගැනීමට යේසුස්වහන්සේ අපට අවස්ථාව ලබා දෙන සේක.