මම හොඳ ස්ක්‍රැබල් ක්‍රීඩාවකට කැමැත්තෙමි. එක් විශේෂිත ක්‍රීඩාවකට පසුව මගේ මිතුරන් මගේ නමින් පියවරක් නම් කළේය. එය “කටාරා” නමින් හැඳින්වුනි. මම සම්පූර්ණ ක්‍රීඩාව හඹා යමින් සිටියෙමි. නමුත් එහි අවසානයේ බෑගයේ ටයිල් කිසිවක් ඉතිරි නොවී මම අකුරු හතක වචනයක් සෑදුවෙමි. මෙයින් අදහස් වූයේ ක්‍රීඩාව අවසන් වූ බවයි. මට ප්‍රසාද ලකුණු පනහක් මෙන්ම මගේ ප්‍රතිවාදීන්ගේ ඉතිරි වූ සියලු ටයිල් වලින්ද මට ලකුණු ලැබුණි. මෙය මාව අන්තිම ස්ථානයේ සිට පළමු ස්ථානයට ගෙන ගියේය. දැන් අපි සෙල්ලම් කරන විට සහ යමෙකු පසුපසින් සිටින විට ඔවුන් සිදුවූ දේ සිහිපත් කරමින් “කටාරා” එකක් ගැන බලාපොරොත්තුවෙන් සිටිති.

අතීතයේ සිදු වූ දෙය සිහිපත් කිරීම අපගේ සිතුවිලි ස්වභාවය ඉහළ නැංවීමට සහ අපට බලාපොරොත්තුවක් ලබා දෙයි. එසේම පාස්කු උත්සවය පවත්වද්දී ඉශ්‍රායෙල්වරු කළේ එයමය. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිටියදී ඵාරාවෝ සහ ඔහුගේ කණ්ඩායමෙන් ඔවුන් පීඩාවට පත් වූ විට දෙවියන්වහන්සේ ඔවුන් වෙනුවෙන් කළ දේ පාස්කුව සිහිපත් කරයි (නික්මයාම 1:6-14). ඔවුන් දෙවියන්වහන්සේට මොර ගැසු පසු උන්වහන්සේ බලවත් ආකාරයකින් සෙනගව ගළවා ගත් සේක. මරණයේ දූතයා ඔවුන්ගේ කුලුඳුල් දරුවන් සහ සතුන් “පසුකර යන” පිණිස ඔවුන්ගේ උළුවහු මත ලේ දමන ලෙස උන්වහන්සේ ඔවුන්ට කී සේක (12:12-13). එවිට ඔවුන්ව මරණයෙන් ආරක්‍ෂා කරනු ලබනවා ඇත.

ශත වර්ෂ ගණනාවකට පසු පාපයෙන් සහ මරණයෙන් අපව ගළවා ගැනීමට අවශ්‍ය වූ එකම සිදුවීම එනම් යේසුස්වහන්සේගේ කුරුසියේ පූජාව සිහිපත් කිරීම පිණිස උන්වහන්සේගේ ඇදහිලිවතුන් වන අපි නිතිපතා ශුද්ධවූ සහභාගීකම සිදු කරන්නෙමු (1 කොරින්ති 11:23-26). අතීතයේ දෙවියන්වහන්සේ සිදු කළ ප්‍රේමණීය ක්‍රියා සිහිපත් කිරීමෙන් අද දවස ගැන අපට බලාපොරොත්තුවක් ඇති කරයි.