තමාගේ ජීවිතාරක්‍ෂක ඇට මිදුළු බද්ධ කිරීමෙන් වසර හතරකට පසු ඔහුගේ රුධිරය නැවත පරීක්‍ෂා කර ඇත. පරිත්‍යාගශීලි තැනැත්තාගේ ඇට මිදුළු ක්‍රිස්ව සුව කිරීමට අවශ්‍ය දේ සපයා තිබුණත් පුදුමයට පත් වීමට කරුණක් ඉදිරිපත් වූයේය. ක්‍රිස්ගේ රුධිර වල තිබූ ජාන ඒ තැනැත්තාගේ මිස ක්‍රිස්ගේම ඒවා නොවුණි. ඇත්තෙන්ම එය අර්ථවත් දෙයක් හෙළි කරයි. මෙම ක්‍රියා පටිපාටියේ අරමුණ වූයේ ඔහුගේ දුර්වල වූ රුධිරය වෙනුවට පරිත්‍යාග කරන කෙනාගේ සෞඛ්‍ය සම්පන්න රුධිරය සැපයීමයි. කෙසේ වෙතත් ක්‍රිස්ගේ කම්මුල්වල, තොල්වල සහ දිවේ තැබූ පුළුන් පවා පරිත්‍යාග කළ තැනැත්තාගේ ජාන පෙන්නුම් කළේය. ඔහුගේම මතකයන් බාහිර පෙනුම සහ ඔහුගේ මුල් ජාන වලින් සමහරක් ඔහු රඳවා ගත් නමුත් යම් ආකාරයකින් ඔහු වෙනත් කෙනෙක් බවට පත් වී තිබුණි.

ක්‍රිස්ගේ අත්දැකීම යේසුස් වහන්සේ තුළ ගැළවීම ලබන පුද්ගලයෙකුගේ ජීවිතයේ සිදුවන දෙයට කැපී පෙනෙන සමාන කමක් දරයි. අපගේ අධ්‍යාත්මික පරිවර්තන මොහොතේදී එනම් අපි යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට අපි නව මැවිල්ලක් බවට පත් වන්නෙමු (2 කොරින්ති 5:17). එපීසයේ සභාවට පාවුල් ලියූ ලිපියේ ඔවුන්ව දිරිමත් කළේ එම අභ්‍යන්තර පරිවර්තනය හෙළිදරව් කිරීමටය. එනම් “නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍ය වන්නාවූ පරණ මනුෂ්‍යයා පහ කර දමා සැබෑවේ ධර්මිෂ්ඨ කමින්ද ශුද්ධකමෙන්ද දෙවියන්වහන්සේට සමානව මවන ලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්නා ලෙසය” (එපීස 4:22 සහ 24). ක්‍රිස්තුස් වහන්සේ සඳහා වෙන්වී සිටින ලෙසටයි.

යේසුස්වහන්සේගේ පරිවර්තනය කිරීමේ බලය අප තුළ ජීවමාන බව පෙන්වීමට අපට ජාන පරීක්‍ෂණ ඇතුලු පුළුන් කැබලි හෝ රුධිර පරීක්‍ෂණ අවශ්‍ය නැත. අප අවට ලෝකය හා සම්බන්ධ වන විටදී අපගේ අලුත් ජීවිතයෙන් මෙය පැහැදිළි විය යුතු අතර “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුන ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වීම” (32 පදය) හෙළි විය යුතු වන්නේය.