“සුළඟ ලිලැක් සොළවයි”. “මේ” (මැයි) නම් වූ ඇගේ වසන්ත කාව්‍යයේ එම ආරම්භක පේළිය සමගින් සාරා ටිස්ඬේල් කිවිඳිය තද සුළඟින් සෙළවෙන ලිලැක් පඳුරුවල දර්ශනය ග්‍රහණය කර ගත්තාය. නමුත් ටිස්ඬේල් අහිමි වූ ආදරයක් ගැන වැලපෙමින් සිටි අතර ඇගේ කවිය ඉක්මණින්ම ශෝක ජනක විය.

අපේ ගෙවත්තේ පිටුපස ලිලැක්ස්ද අභියෝගයකට මුහුණ දුන්නේය. ඒවායේ වඩාත් සශ්‍රීක හා සුන්දර සමය ගතකිරීමෙන් පසු වෙහෙස මහන්සි වී වැඩ කරන තණකොළ කපන්නෙකුගේ පොරවකට ඒවා මුහුණ දුන්නේය. ඔහු සෑම ලිලැක් පඳුරක්ම කොටට කපා දැම්මේය. මම හැඬුවෙමි. උගුල්ලා දැමීමට සිතූ මගේ විශ්වාසය රහිත සැළසුම ඉවත හළමින් වසර තුනකට පසු නිසරු අතු වලින් පිරුණු මෙම ලිලැක් පඳුර නැවත දළු දැමුවේය. ඒවාට කාලය අවශ්‍ය වූ අතර මට නොපෙනෙන දේ ගැන බලා සිටීමට අවශ්‍ය වුනි.

දුෂ්කරතා මැද ඇදහිල්ලෙන් බලා සිටි බොහෝ අය ගැන බයිබලයේ සඳහන් වන්නේය. නෝවා ප්‍රමාද වූ වර්ෂාව එන තෙක් බලා සිටියේය. කාලෙබ් පොරොන්දු දේශයේ ජීවත් වීමට අවුරුදු හතළිහක් බලා සිටියේය. රෙබෙකා දරුවෙක් පිළිසිඳ ගැනීමට අවුරුදු විස්සක් බලා සිටියාය. යාකොබ් රාඛෙල් හා විවාහ විමට වසර හතක් බලා සිටියේය. සිමියොන් බිළිඳු යේසුස් දැක ගැනීමට බලා සිටියේය. ඔවුන්ගේ ඉවසිමට විපාක ලැබුණි.

ඊට වෙනස්ව මනුෂ්‍යයා දෙස බලා සිටින අය “මරු කතරේ රෝතෙම් ගසකට සමාන විය” (යෙරෙමියා 17:6). ටිස්ඬේල් කිවිඳිය ඇගේ පදය අවසන් කළේ එවන් අඳුරකය. “මම ශීත ගමනක් යමි” කියා ඇය අවසන් කළාය. නමුත් “ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කොට සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය” කියා යෙරෙමියා සතුටු විය. “මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ ගහකට සමාන වන්නේය” (7-8 පද).

ජීවිතයේ ප්‍රීතිය හා විපත්ති මැද අප සමග ගමන් කරන සමිඳාණන් වහන්සේව විශ්වාස කරන අය දෙවියන් වහන්සේ තුළ රෝපණය වී තිබේ.