ගයි බ්‍රයන්ට් තනිකඩව සහ තමාගේම දරුවන් නොමැතිව නිව් යෝර්ක් නගරයේ ළමා සුභ සාදන දෙපාර්තමේන්තුවේ සේවය කළේය. හදා වඩා ගන්න කැමති දෙමාපියන්ගේ දැඩි අවශ්‍යතාවන්යට දිනපතාම ඔහු මුහුණ දුන් අතර ඒ සඳහා යමක් කිරීමට තීරණය කළේය. දශකයකට වැඩි කාලයක් බ්‍රයන්ට් දරුවන් පනස් දෙනෙකුට වඩා ඇති දැඩි කළ අතර වරක් එකවර ළමයින් නව දෙනෙකු රැක බලා ගත්තේය. “මම හැරී බලන සෑම අවස්ථාවකදීම නවතින්නට තැනක් අවශ්‍ය වූ ළමයෙක් සිටියේය” කියා බ්‍රයන්ට් පැහැදිළි කළේය. ඔබේ නිවසේ සහ හදවතේ ඉඩක් ඇත්නම් ඔබ එය කරන්න. ඒ ගැන වැඩිය සිතන්න එපා”. හැදී වැඩී තමන්ගේම ජීවිත ගොඩ නගා ගත් මෙම හදා වඩා ගත් වැඩිහිටි දරුවන්ට තවමත් බ්‍රයන්ට්ගේ මහල් නිවාසයේ යතුරු ඇති අතර ඔවුන් බොහෝ විට ඉරිදා දිනවල දිවා ආහාරය සඳහා “තාත්තා” බැලීමට පැමිණෙති. බ්‍රයන්ට් බොහෝ දෙනෙකුට පියෙක්ගේ ආදරය පෙන්වා ඇත.

අමතක වූ හෝ පසෙකට දැමූ සියල්ලන් පසුපස දෙවියන්වහන්සේ හඹා යන බව දේව වචනයේ සඳහන් වන්නේය. සමහර ඇදහිලිවන්තයන් මේ ජීවිතයේ අනාථ හා අවදානමට ලක් වූවද උන්වහන්සේ ඔවුන් සමග සිටීමට පොරොන්දු වූ සේක. “දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද… (ගීතාවලිය 68:5). නොසළකා හැරීම හෝ ඛේදවාචකයක් තුළින් අප තනිව සිටින්නේ නම් අප වෙත ළඟා වෙමින්ද අපව ළංකර ගනිමින්ද අපට බලාපොරොත්තුවක් ලබා දෙමින්ද දෙවියන්වහන්සේ තවමත් එහි සිටින සේක. ඇත්තෙන්ම දෙවියන්වහන්සේ
“හුදකලා වූවන් පවුල්වල වස්වන සේක” (6 පදය). යේසුස්වහන්සේ තුළ අනෙකුත් ඇදහිලිවන්තයන් අපගේ ආත්මික පවුලට සමගියෙන් ඇතුල් වෙති.

අපගේ අභියෝගාත්මක පවුල් කතන්දර, අපගේ හුදකලාව, අපව අත්හැර දමා තිබීම හෝ අපගේ දුර්වල වූ සම්බන්ධතා කුමක් වුවත් අප ආදරය ලබන බව අපට දැන ගත හැකිය. දෙවියන්වහන්සේ සමග අප තවදුරටත් පියා නැති දරුවන් නොවන්නෙමු.