“ඇයි මට ඒ ගැන හිතන එක නවත්වන්න බැරි?” මගේ හැඟීම් දුක, වරදකාරීත්වය, කෝපය සහ ව්‍යාකූලත්වයේ පටලැවිල්ලක් විය.

වසර ගණනාවකට පෙර සිත් රිදවන තීරණයක් ගත්තෙමි. එනම් මට සමීප කෙනෙකු සමග සබඳතා කපා හැරීමටයි. ඒ ගැඹුරින් සිත් රිදවන හැසිරීම් වලට ආමන්ත්‍රනය කිරීමට ගත් උත්සාහයන් ඉවත ලීම් හා ප්‍රතික්‍ෂේප කිරීම් නිසාවෙනි. අද ඇය නගරයට පැමිණ සිටින බව ඇසීමෙන් පසුව මගේ සිතුවිලි නැවත නැවතත් අතීතයට ගමන් කළේය.

මම මගේ සිතුවිලි සන්සුන් කර ගැනීමට වෙහෙසෙද්දී මට ගුවන් විදුලියේ වාදනය වන ගීතයක් ඇසුණි. ගීතය පාවාදීමේ වේදනාව පමණක් නොව හානියක් කළ පුද්ගලයා තුළ වෙනසක් සහ සුවයක් සඳහා ගැඹුරු ආශාවක්ද ප්‍රකාශ කළේය. මගේම ගැඹුරු ආශාවන්ට හඬ දෙමින් සිටි මගේ ඇස් කඳුළෙන් පිරුණි.

ප්‍රේමය වෙනුවෙන් වන සියල්ල අව්‍යාජ නොවන බව සිහිපත් කරමින් “ප්‍රේමය වංචා රහිත වේවා” කියා අපෝස්තලු පාවුල් රෝම 12:9 හි ලිවීය. නමුත් අපගේ හදවතේ ගැඹුරුම ආශාව වන්නේ සැබෑ ආදරය එනම් ආත්මාර්ථකාමී හෝ තම වාසියට නොකරන එහෙත් දයානුකම්පිත සහ ස්වයංදීමේ ප්‍රේමය දැන ගැනීමයි. ප්‍රේමය යනු පාලනය සඳහා බියෙන් පෙළඹෙන අවශ්‍යතාවයක් නොව එකිනෙකාගේ යහපැවැත්ම සඳහා වූ ප්‍රීතිමත් කැපවීමකි (10-13 පද).

ඒ යහපත් ආරංචිය ශුභාරංචිය වේ. යේසුස්වහන්සේ නිසා අපට විශ්වාස කළ හැකි ප්‍රේමයක් එනම් අපට කිසිදා හානියක් නොවන ප්‍රේමයක් දැන ගැනීමට සහ බෙදා ගැනීමට හැකිය (13:10). උන්වහන්සේගේ ප්‍රේමය තුළ ජීවත් වීම යනු නිදහස් වීමයි.