මිචිගන් ප්‍රාන්තයේ පිහිටි අපගේ නිවසේ බිත්තියේ වසර ගණනාවක් පුරා විචිත්‍රවත් චාරිත්‍රානූකූල දුන්න සහ ඊතල කොපුව එල්ලා තිබුණි. අපි ඝානා රටේ මිෂනාරිවරුන් ලෙස සේවය කරන අතරතුර මෙම සිහිවටන ලබා ගත් මගේ පියාගෙන් මට ඒවා උරුම විය.

දවසක් ඝානා රටේ මිතුරෙක් අපව මුණගැසීමට පැමිණියේය. දුන්න දුටු විට ඔහුගේ මුහුණට අමුතු බැල්මක් ආවේය. එහි බැඳ තිබූ කුඩා වස්තුවක් පෙන්වමින් “ඒක මායාවක්. මා දන්නවා එයට බලයක් නැතැයි කියා. නමුත් මම නම් එය මගේ නිවසේ තබා ගන්නේ නැහැ” කියා ඔහු කීවේය. ඉක්මණින්ම අපි දුන්නෙන් එම මායා වස්තුව කපා ඉවත් කළෙමු. දෙවියන්වහන්සේට වඩා නමස්කාර කිරීම සඳහා ඇති වෙනත් කිසිවක් අපේ නිවසේ අපට අවශ්‍ය නොවුනි.

යෙරුසලමේ රජ වූ යොෂියා හැදී වැඩුණේ තමන්වහන්සේගේ සෙනග සඳහා වූ දෙවියන්වහන්සේගේ අපේක්‍ෂාවන් ගැන එතරම් දැනුමක් නොමැතිවය. දිගු කලක් තිස්සේ නොසළකා හරින ලද දේව මාළිගාවේ තිබී උත්තම පූජකයා ව්‍යවස්ථා පොත නැවත සොයා ගත් විට (2 රාජාවලිය 22:8) යොෂියාට එය ඇසීමට අවශ්‍ය වුනි. පිළිම වන්දනාව ගැන දෙවියන්වහන්සේ පැවසූ දේ දැන ගත් විගස ඔහු දෙවියන්වහන්සේගේ නීතියට අනුකූලව යුදා දේශය ගෙන ඒම සඳහා විශාල වෙනස්කම් වලට නියෝග කළේය. දුන්නකින් මායාවක් කැපීමට වඩා ඒවා දරුණු වෙනස්කම් විය (2 රාජාවලිය 23:3-7 බලන්න).

අද ඇදහිලිවතුන්ට යොෂියා රජුට වඩා බොහෝ දේ ඇත. අපට උපදෙස් දීමට සම්පූර්ණ බයිබලයම අපට තිබේ. අපට අපි එකිනෙකා සිටිති. තවද අපට මග හැරී යා හැකි විශාල හෝ කුඩා දේවල් ආලෝකයට ගෙන එන ශුද්ධාත්මයාණන්ගේ අත්‍යවශ්‍යම පිරවීම අපට ඇත.