විසිවන සියවසේ මැද භාගයේ මධ්‍යම ඉන්දියාවේ කිතුනු නොවන අය සහ කිතුනුවන් අතර ගැටුම් ඉහළ මට්ටමක පැවතුණි. තෙමහල් ගොඩනැගිල්ලක මුදුනට නැග එහි වහලෙන් කුරුසිය කඩා දමන්නැයි තරුණයෙක්ට පවසන ලදී. එය සාර්ථක නොවීය. ඇත්ත වශයෙන්ම ඔහු වහලයෙන් පහළ වීදියට වැටී බරපතල තුවාල ලැබීය. ඔහුව රෝහලට ගෙන ගිය විට ඔහුව යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයෙක් වූ රෝගියෙක් අසළ ඇඳක තබන ලද්දේය.

ඇදහිලිවන්තයා තුවාල වූ මිනිසාට කුරුසියෙන් නියෝජනය කරන්නේ කුමක්ද සහ ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේදී ඔහු වෙනුවෙන් කළ දේ පැවසූ විට ඔහුගේ හදවත ස්පර්ශ විය. “ස්වාමිවූ යේසුනී, මට සමාව දෙන්න. මම ඒක කරන්න නොසිතුවෙමි. නමුත් ඔවුන් මට එය කරන්න සැළැස්වූහ” කියා ඔහු කෑගැසුවේය.

ක්‍රිස්තියානි ධර්මයේ සංකේත නැති කිරීමට මිනිසුන් කුමක් කළත් එහි පණිවුඩය නතර කළ නොහැකි බව අපි දනිමු. පාවුල් පැවසුවේ “කුරුසියේ වචනය …… දෙවියන්වහන්සේගේ බලයය” (1 කොරින්ති 1:18) කියාය.
“පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය” කියා යේසුස්වහන්සේ කී සේක (මතෙව් 16:18).

තුරුසිය ක්‍රිස්තියානි ධර්මයේ සංකේතයක් ලෙස පවතී. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ කළ දේ නොතේරෙන කෙනෙකුට එම සංකේතයේ වටිනාකමක් නැත. උන්වහන්සේ කුරුසපත් වූයේ අප සියලු දෙනාටම සමාව දීමට (1 කොලොස්සි 2:13-14) මිස ප්‍රතිමූර්තියක් නිර්මාණය කිරීමට නොවේ.

ඔබ කුරුසියේ සංකේතයෙන් ඔබ්බට ගොස් එහි මිය ගිය දෙවියන්වහන්සේගේ පුත්‍රයා විශ්වාස කර තිබේද? එසේ නොවේ නම් අදම එය කරන්න.