පුද්ගලයන් දෙදෙනෙකු තමන්ට පොදු මිතුරෙක් සිටින බව දැන ගත් විට පළමු හැඳින්වීමේදීම සුහදශීලී යමක් සිදු විය හැකිය. එහි වඩාත්ම අමතක නොවන ස්වරූපයක් ගන්නේ විශාල හදවතක් ඇති සත්කාරකයෙක් ආගන්තුකයෙකුව පිළිගන්නේ “ඔබ හමුවීමට ලැබීම සතුටක්. සෑම්ගේ හෝ සමන්තාගේ ඕනෑම මිතුරෙක් මගේද මිතුරෙකි” යනුවෙන් කියමිනි.

යේසුස්වහන්සේද ඒ හා සමාන දෙයක් කී සේක. උන්වහන්සේ බොහෝ දෙනෙක්ව සුවපත් කරමින් සෙනග ආකර්ශණය කර ගත් සේක. නමුත් උන්වහන්සේ ප්‍රදේශයේ ආගමික නායකයින් දේව මාළිගාවේ වෙළඳාම් කරන නිසාත් ඔවුන්ගේ බලපෑම අනිසි ලෙස යොදා ගන්නා නිසාත් ඒවාට එගඟ නොවීම හේතුවෙන් ආගමික නයකයන්ගේ සතුරෙක් බවට පත් වූහ. වර්ධනය වන ගැටුමක් මධ්‍යයේ උන්වහන්සේගේ අභිමුඛය හේතුවෙන් ප්‍රීතිය, පිරිවැය සහ ආශ්චර්යය ගුණ කිරීමට පියවර ගත් සේක. උන්වහන්සේ තම ගෝලයන්ට රොගීන් සුව කිරීමේ බලය ලබා දුන් අතර දෙවියන්වහන්සේගේ රාජ්‍යය අත ළඟ බව ප්‍රකාශ කිරීමට ඔවුන් යැවූ සේක. උන්වහන්සේ ගෝලයන්ට සහතික වූයේ “නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය” (මතෙව් 10:40) යනුවෙනි. එසේම ඔවුහු උන්වහන්ස්ව එවූ පියාණන්වද පිළිගන්නා බව පැවසූ සේක.

මිත්‍රත්වය තුළින් ජීවිතය වෙනස් කරන “මීට වඩා හොඳ මිත්‍රත්වයක්” ගැන සිතීම අමාරුය. තම නිවස විවෘත කරන හෝ උන්වහන්සේගේ ගෝලයෙක්ට සීතල වතුර කෝප්පයක් ලබා දෙන හෝ ඕනෑම කෙනෙකුට දෙවියන් වහන්සේගේ හදවතේ ස්ථානයක් ඇති බවට යේසුස්වහන්සේ සහතික කළ සේක. එම මොහොත බොහෝ කලකට පෙර සිදුවූවත් උන්වහන්සේගේ වදන් අපට මතක් කර දෙන්නේ කරුණාවේ සහ ආගන්තුක සත්කාරයේ ලොකු සහ කුඩා ක්‍රියාවන් තුළ දෙවියන්වහන්සේගේ මිතුරන්ගේ මිතුරෙක් ලෙස මා විසින් කෙනෙක්ව පිළිගැනීම මෙන්ම අන් අය මාව පිළිගැනීමේ ක්‍රම තවමත් පවතින බවයි.