මා ලියමින් සිටි සඟරාව “වැදගත්” යයි හැඟුණු නිසා ඉහළ ශ්‍රේණියේ කතුවරයා වෙනුවෙන් මට හැකි හොඳම ලිපිය ඉදිරිපත් කරන්න මම වෙහෙසුණෙමි. ඇගේ ප්‍රමිතීන් සපුරාලීමට දැණුනු පීඩනය නිසා මම මගේ සිතුවිලි නැවත නැවතත් ලීවෙමි. නමුත් මගේ ගැටලුව කුමක්ද? මගේ අභියෝගාත්මක මාතෘකාවද? නැත්නම් මගේ සැබෑ කණස්සල්ල පුද්ගලික එකක්ද? කතුවරයා මගේ වචන පමණක්ම නොව මාව අනුමත කරයිද?

අපගේ රැකියාවන් ගැන කණස්සල්ලට පිළිතුරු සඳහා පාවුල් විශ්වාසදායක උපදෙස් ලබා දෙයි. කොලොස්සි සභාවට ලිපියක් යවමින් පාවුල් ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටියේ මනුෂ්‍යයන්ගේ අනුමැතිය සඳහා නොව දෙවියන්වහන්සේ වෙනුවෙන් වැඩ කරන ලෙසයි. අපෝස්තලු වරයා කියන්නාක් මෙන් “නුඹලාට නුඹලාගේ විපාකය වූ උරුමය ස්වාමින්වහන්සේගෙන් ලැබෙන බව දැන නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමින්වහන්ස්ට මෙන් සිතෙන් කරන්න” (කොලොස්සි 3:23-24).

පාවුල්ගේ ප්‍රඥාව ගැන මෙනෙහි කරමින් අපගේ භූමික ප්‍රධානීන්ගේ ඇස් හමුවේ හොඳ නමක් ලබා ගැනීමට අරගල කිරීම නැවැත්විය හැකිය. නිසැකවම අපි මනුෂ්‍යයන් ලෙසට ඔවුන්ට ගරු කරන අතර ඔවුන්ට අපගේ උපරිමය ලබා දීමට උත්සාහ කරමු. නමුත් අපි “ස්වාමින්වහන්සේ උදෙසා වැඩ” කරන්නේ නම් එනම් උන්වහන්සේ වෙනුවෙන් අපගේ කාර්යයට මග පෙන්වා දෙන ලෙසත් එම කාර්යයන් ආලේප කරන ලෙසත් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහොත් උන්වහන්සේ අපගේ උත්සාහයට ආලෝකයක් බබළවන සේක. අපගේ විපාකය කුමක්ද? අපගේ රැකියා පීඩනය ලිහිල් වන අතර අපගේ පැවරුම් අවසන් වන්නේය. එයටත් වඩා “ඉතා හොඳය” කියා දිනෙක උන්වහන්සේ පවසනවා අපට ඇසෙනු ඇත.