සජීවීකරණය කරන ලද ගුහා මිනිස් පවුලක් වන “ද කෘඞ්ස්” විශ්වාස කරන්නේ “විඳ දරා ගෙන ජීවත් වීමට ඇති එකම ක්‍රමය මෙම පිරිස (ඔවුන්ගේ කුඩා පවුල) එකට සිටියහොත් පමණක්ය” කියායි. ඔවුන් ලෝකයට සහ අන් අයට බිය වන හෙයින් ආරක්‍ෂිතව ජීවත් වීමට ස්ථානයක් සොයා ගැනීමෙන් පසු දැනටමත් එම ප්‍රදේශයේ නාඳුනන පවුලක් සිටින බව දැන ගනිති. නමුත් ඔවුහු ඉක්මණින්ම නව අසල්වැසියන්ගේ වෙනස්කම් වැළඳ ගැනීමටත් ඔවුන්ගෙන් ශක්තිය ලබා ගැනීමටත් එකට විඳ දරා ගෙන ජීවත් වීමටත් ඉගෙන ගනිති. ඔවුන් ඇත්තටම ජීවිතය භුක්ති විඳින බවත් ජීවිතය සම්පූර්ණයෙන්ම ගත කිරීමට අන් අය අවශ්‍ය බවත් ඔවුන් සෙයා ගත්හ.

සම්බන්ධතාවයක සිටීම අවදානම් විය හැකිය. හේතුව නම් මිනිසුන්ට අපව රිදවිය හැකි නිසාත් ඔවුන් අපට රිදවන නිසාත්ය. එහෙත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගව ශරීරයක් තුළ එනම් සභාවක් තුළ එක් කළේ හොඳ හේතුවක් නිසාය. අන් අය සමග ඇසුරු කිරීමේදී අපි පරිණතභාවයට පත් වෙමු (එපීස 4:13). “යටහත්කමෙන්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද” (2 පදය) සිටීමට අපට උපකාර කිරීම සඳහා උන්වහන්සේ මත යැපීමට අපි ඉගෙන ගනිමු. අපි එකිනෙකා “ප්‍රේමය තුළ” ගොඩ නගා ගනිමින් එකිනෙකාට උපකාර කරමු (16 පදය). අපි අපගේ දීමනා භාවිතා කරන අතර ඔවුන්ගේ දීමනා වලින් අපි ඉගෙන ගනිමු. එමඟින් දෙවියන්වහන්සේ සමග අපගේ ගමන සහ උන්වහන්සේ වෙනුවෙන් සේවය සඳහා එය අපව සන්නද්ධ කරන්නේය.

උන්වහන්සේ ඔබට මග පෙන්වද්දී ඔබ දැනටමත් සොයා ගෙන නැත්නම් දෙවියන්වහන්සේගේ සෙනග අතර ඔබගේ ස්ථානය සොයා බලන්න. ඔබ විඳ දරා ගැනීමට වඩා යමක් කරනු ඇත. ප්‍රේමය බෙදා ගනිමින් ඔබ දෙවියන්වහන්සේට ගෞරව ගෙන දෙන අතර යේසුස්වහන්සේ මෙන් වඩාත් වර්ධනය වනවා ඇත. යේසුස් වහන්සේ සහ අනෙකුත් අය සමග වැඩෙන සබඳතාවයක් හරහා ගමන් කරන විට අප සියලු දෙනාම උන්වහන්සේ කෙරෙහි යැපෙමු.