දිරිගැන්වීම ඔක්සිජන් හා සමානය. එය නොමැතිව අපට ජීවත් විය නොහැක. නව හැවිරිදි ජේම්ස් සැවේජ්ට මෙය සත්‍යයක් විය. මෙම පිරිමි ළමයා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළ තීරයේ සිට ඇල්කැට්‍රාස් දූපත දක්වා සැතපුම් දෙකකට වඩා වැඩි දුරක් පිහිනා ගොස් නැවත පැමිණ ජයග්‍රහණය කළ ලාබාලතම පුද්ගලයාගේ වාර්තාව බිඳ දැමුවේය. නමුත් පිහිනීම අරම්භකර විනාඩි තිහක් ගත වන විට රළු සහ සීතල ජලය හේතුවෙන් ජේම්ස්ට එයින් ඉවත් වීමට සිතුණි. කෙසේ වෙතත් හබල් ගාමින් සිටි කිහිප දෙනෙක් “ඔබට එය කළ හැකියි” කියා ඔහුව දිරිගැන්වූහ. එම වදන් ඔහුට තම ඉලක්කය අවසන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේය.

පීඩාවේ රළු සහ සීතල ජලය නිසා යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවනත්යන්ට තම ඇදහිල්ල අත් හැරීමට අවශ්‍ය වූ වෙලාවේදී පාවුල් සහ බාර්ණබස් ඔවුන්ගේ ගමන දිගටම කර ගෙන යාමට ඔවුන්ව දිරිමත් කළහ. අපෝස්තලුවරුන් දර්බය නගරයේ ශුභාරංචිය දේශනා කළ පසු ඔවුන් “ලුස්ත්‍රාවටද ඉකෝනියටද අන්තියෝකියටද හැරී ඇවිත් …… ගෝලයන්ගේ සිත් සවිකොට ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාද කළෝය” (ක්‍රියා 14:21-22). යේසුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලේ ස්ථිරව සිටීමට උපකාර කළහ. කරදර ඔවුන්ව දුර්වල කළ නමුත් දිරිගැන්වීමේ වචන ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට ඔවුන්ගේ අධිෂ්ඨානය ශක්තිමත් කළේය. දෙවියන්වහන්සේගේ ශක්තියෙන් ඔවුන්ට දිගටම ඉදිරියට යා හැකි බව ඔවුහු තේරුම් ගත්හ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල් වෙන්ට ඕනෑ” (22 පදය) බව අවසානයේදී පාවුල් සහ බාර්ණබස් ඔවුන්ට තේරුම් ගැනීමට උපකාර කළහ.

යේසුස්වහන්සේ උදෙසා ජීවත් වීම දුෂ්කර විය හැකි අතර සමහර විට අපේ ඇදහිල්ල අත්හැරීමට පවා පෙළඹෙමු. වාසනාවකට මෙන් යේසුස්වහන්සේට සහ උන්වහන්සේ තුළ සිටින සෙසු ඇදහිලිවන්තයන්ට අපට ඉදිරියට යාමට අවශ්‍ය දිරිගැන්වීම ලබා දිය හැකිය. උන්වහන්සේ සමග අපට එය කළ හැකිය!