“අපේ විවේක කාල වලදී අපි කුමක් කරමුද?” එම අදහස 1930 දී ජෝන් මේනාඞ් කේන්ස් නම් ආර්ථික විද්‍යාඥයා විසින් ප්‍රකාශයට පත් කරන ලද රචනයක හරය විය. එහිදී කේන්ස් යෝජනා කළේ වසර සියයක් ඇතුළත තාක්‍ෂණික සහ ආර්ථික දියුණුව මිනිසුන් දිනකට පැය තුනක් පමණක් සහ සතියකට පැය පහළොවක් පමණක් වැඩ කරන තත්ත්වයකට ගෙන එන බවයි.

කේන්ස් ඔහුගේ සුප්‍රසිද්ධ රචනය ප්‍රකාශයට පත් කර වසර අනූවකට වැඩි කාලයක් ගත වී ඇත. නමුත් තාක්‍ෂණය වැඩි විවේකයක් ඇති කරනවා වෙනුවට කවරදාටත් වඩා අපව කාර්යබහුල කර ඇත. අපගේ දින පිරී ඇති අතර ගමන් බිමන් වලට සහ ආහාර පිළියෙල කිරීම වැනි කාර්යයන් සඳහා අඩු කාලයක් ගත කළත් අපි තවමත් කඩිමුඩියේ සිටිමු.

දාවිත්ගේ ජීවිතයේ එක් කැපී පෙනෙන සිදුවීමක ජීවිතයේ කඩිමුඩියේ නොසැළී සිටින්නේ කෙසේදැයි පෙන්වා දෙන්නේය. දාවිත්, සාවුල් රජුගෙන් පලා යන විට (ඔහුව මරා දැමීමට උත්සාහ කළ අයගෙන්) ඔහු මෝවබ්හී රජුගෙන් මෙසේ ඇසුවේය: “දෙවියන්වහන්සේ මට කරන්ට යන්නේ කුමක්දැයි මා විසින් දැන ගන්නා තුරු මාගේ මවුපියන් අවුත් නුඹලා වෙත සිටින්ට අවසර ලැබේවා” (1 සාමුවෙල් 22:3; ඇල අකුරින් දක්වා ඇත). දාවිත්ගේ දෑත් පිරී තිබුණි. ඔහු උත්සාහ කළේ සාවුල්ගේ මිනීමරු ලුහු බැඳීම්වලින් පලා යාමට සහ ඔහුගේ පවුලට අවශ්‍ය පහසුකම් සැපයීමටය. නමුත් ඔහුගේ කඩිමුඩියේ වුවද ඔහු දෙවියන්වහන්සේ කෙරෙහි බලා සිටීමට කාලය ගත්තේය.

ජීවිතයේ උමතු වේගය අපව අතුගා දමන විට උන්වහන්සේගේ සමාදානයේ අපව තබා ගත හැකි තැනන්වහන්සේව අපට විශ්වාස කළ හැකිය (යෙසයා 26:3). දාවිත්ගේ වදන් කාරණය හොඳින් සාරාංශ කරයි. “ස්වාමින් කෙරෙහි බලා සිටුව. ශක්තිමත් වෙව. නුඹේ සිත ධෛර්යමත් වේවා. එසේය ස්වාමින් කෙරෙහි බලා සිටින්න” (ගීතාවලිය 27:14).