මම පවුලේ උපන් දින සැමරීමකට සහභාගී වූ අතර එහිදී සංවිධායකවරිය “ප්‍රියතම දේවල්” යන තේමාව සැරසිලිවලට, තෑගි වලට සහ සියල්ලටම වඩා ආහාර වලට යොදාගත්තාය. උපන් දින යුවතිය මස්වලටත් සලාද වලටත් සුදු චොක්ලට් වලටත් රාස්බෙරි කේක් වලටත් ප්‍රිය කළ නිසා සේවිකාව මස් ග්‍රිල් කර, නිවිති අඹරා, ප්‍රියතම කේක් එක ඇණවුම් කළාය. ප්‍රියතම කෑම වලින් අඟවන්නේ “මම ඔබට ආදරෙයි” යන්නයි.

බයිබලයේ භෝජන සංග්‍රහ, මංගල්‍යය සහ උත්සව, ආහාර ගැනීමේ භෞතික ක්‍රියාවන් දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම පිළිබඳ සැමරුම් වලට අදාල වේ. භෝජන සංග්‍රහ ඊශ්‍රායෙල්වරුන් විසින් ක්‍රියාත්මක කරන ලද පූජා නමස්කාර ක්‍රමයේ කොටසකි (ගණන් කථාව 28:11-31 බලන්න). පාස්කුව, සති උත්සව සහ නව සඳ මංගල්‍යය සෑම මසකම පවත්වන ලදී. තවද ගීතාවලිය 23:5 හි දෙවියන්වහන්සේ බහුල ආහාර වේලක් සහිත මේසයක් පිළියෙල කරන අතර කුසලානය දයාවෙන් සහ ප්‍රේමයෙන් උතුරා යන්නේය. සමහර විට මෙතෙක් ප්‍රකාශ කර ඇති වඩාත්ම සුඛෝපභෝගී වූ ආහාරය සහ මුද්‍රික පානය වන්නේ අපගේ ගැළවීම සඳහා කුරුසිය මත උන්වහන්සේගේ මරණයේ තෑග්ග ප්‍රදර්ශනය කිරීමයි. ඉන්පසුව උන්වහන්සේ “මා සිහිකිරීම පිණිස මෙය කරන්න” කියා අපට අභියෝග කළ සේක (ලූක් 22:19).

අද ඔබ ආහාර අනුභව කරන විට දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම සැමරීම සඳහා මුඛය සහ බඩ යන දෙකම සාදා ඔබට ආහාර පිරිනැමූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ භාෂාවක් ලෙස එය සළකන්න. අපගේ දෙවියන්වහන්සේ විශ්වාසවන්තයින් සමග භෝජන සංග්‍රහයක් භුක්ති විඳින අතර “මම ඔබට ප්‍රේම කරමි” යනුවෙන් පවසමින් අපගේ විශාල අවශ්‍යතාවය සමග උන්වහන්සේගේ පරිපූර්ණ සැපයුම බද්ධ කරන සේක.