දුම්රියේ කියවමින් සිටියදී මෙයිලින් තම පොතේ වාක්‍ය ලකුණු කිරීමෙන් සහ සටහන් ලිවීමෙන් කාර්යබහුලව සිටියාය. එහෙත් අසල අසුන්ගෙන සිටින මවක් සහ දරුවෙක් අතර ඇති වූ සංවාදයක් ඇයව නතර කළේය. පුස්තකාල පොතේ කුරුටු ගාමින් සිටි තම දරුවාව මව නිවැරදි කරමින් සිටියාය. මෙයිලින්ගේ ආදර්ශය අනුගමනය කරමින් කුඩා දරුවා තම මවගේ වචන නොසළකා හරිනවාට අකමැති වූ මෙයිලින් ඉක්මණින් ඇගේ පෑන ඉවතට දැමීය. ණයට ගත් පොතකට හානි කිරීම සහ ඔබ සතු පොතක සටහන් තැබීම අතර වෙනස දරුවාට නොතේරෙන බව ඇය දැන සිටියාය.

මෙයිලින්ගේ ක්‍රියාව මට 1 කොරින්ති 10:23-24 හි අපෝස්තලු පාවුල්ගේ දේවානුභාවය ලත් වචන මතක් කර දුන්නේය. “සියලු දේ ගැන නිදහස තිබේ. නමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ. නුමුත් සියල්ල වර්ධනය නොකෙරේ. කිසිවෙක් තමාගේම කාරණා නොසොයා එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා”.

නව සභාවක් වූ කොරින්ති සභාවේ යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔවුන්ගේ නිදහස දුටුවේ පුද්ගලික අවශ්‍යතා ලුහුබැඳීමේ අවස්ථාවක් ලෙසිනි. නමුත් පාවුල් ලීවේ ඔවුන් එය අන් අයට ප්‍රයෝජන ගැනීමට සහ ගොඩ නැංවීමට අවස්ථාවක් ලෙස සැළකිය යුතු බවයි. ඔහු ඔවුන්ට ඉගැන්වූයේ සැබෑ නිදහස යනු කෙනෙකු කැමති ලෙස කිරීමට ඇති අයිතිය නොව දෙවියන්වහන්සේ වෙනුවෙන් කළ යුතු දේ කිරීමට ඇති නිදහස බවයි.

අපටම සේවය කරනවා වෙනුවට අන් අයව ගොඩ නැංවීම තෝරා ගැනීමට අපගේ නිදහස භාවිතා කරන විට අපි යේසුස්වහන්සේගේ අඩි පාරේ ගමන් කරන්නෙමු.