අනුන්ගේ මතයට පමණක් නොව ඒ මත දරණ පුද්ගලායටද පහර දීම කණගාටුදායක ලෙස “සාමාන්‍ය” දෙයක් වී ඇත. මෙය උසස් අධ්‍යාපනලාභීන් අතරද සත්‍ය විය හැකිය. මේ හේතුව නිසා උගතෙකු හා දේව ධර්මාචාර්ය වරයෙකු වූ රිචඞ් බී. හේස් වසර ගණනාවකට පෙර ඔහු විසින්ම ලියා ඇති කෘතියකට විරුද්ධව බලහත්කාරයෙන් පත්‍රිකාවක් ලියන විට මම මවිතයට පත් වූයෙමි. “රීඩින් විත් ද ග්‍රේන් ඔෆ් ස්ක්‍රිප්චර්“ (ධාන්‍ය ඇටයක් සමග දේව වචනය කියවීම) යන කෘතියෙහි හේස් තම අතීත චින්තනය නිවැරදි කරන විට හදවතේ මහත් නිහතමානී බවක් පෙන්නුම් කළේය. මෙය ඉතාමත් නිවැරදි ලෙස ප්‍රකාශ කිරීමට උපකාර වූයේ ඔහුගේ ජීවිත කාලය පුරාම ඉගෙනීමට කැපවී සිටි හෙයිනි.

හිතෝපදේශ පොත හඳුන්වා දෙන විට සාලමොන් රජු මෙම ප්‍රඥාවන්ත කියමන් එකතුවේ විවිධ අරමුණු ලැයිස්තු ගත කළේය. නමුත් එම අරමුණු මධ්‍යයේ ඔහු මෙම අභියෝගය ඇතුළත් කළේය. “හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම් ගන්න හැටියට ඥානවන්තයා අසා ඉගෙන ගැන්ම වැඩි කර ගන්නේය” (හිතෝපදේශ 1:5-6). අපෝස්තලු පාවුල් මෙන් දශක ගණනාවක් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමෙන් පසු පවා ඔහු යේසුස්වහන්සේව දැන ගැනීම දිගටම කර ගෙන ගියාක් මෙන් (පිලිප්පි 3:10) සාලමොන් ප්‍රඥාවන්තයන්ගෙන් ඉල්ලා සිටියේ සවන් දීමටද ඉගෙන ගැනීමට සහ දිගටම වර්ධනය වන ලෙසද වේ.

ඉගැන්විය හැකි ආත්මයක් පවත්වා ගැනීමෙන් කිසිවෙකුට කිසිදා හානියක් සිදු නොවේ. අපි දිගටම වර්ධනය වීමට සහ ඇදහිල්ලේ දේවල් (සහ ජීවිතයේ දේවල්) ගැන ඉගෙන ගැනීමට සොයන විට අපගේ යහපත් සහ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ කර තිබෙන මහත් දේ අපට වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේට අපව සත්‍යය දෙසට මග පෙන්වීමට ඉඩ දෙමු (යොහන් 16:13).