යේසුස්වහන්සේ කවුරුන් කියා ජනතාව විශ්වාස කරන්නේද? ඇතැමුන් පවසන්නේ උන්වහන්සේ හොඳ ගුරුවරයෙක් වූ නමුත් සාමාන්‍යයෙන් මිනිසෙක් බවයි. කර්තෘවරයෙක් වූ සී.එස්. ලුවිස් මෙසේ ලිවීය. “මේ මනුෂ්‍යයා එදා සහ අදත් දෙවියන්වහන්සේගේ පුත්‍රයාය. එසේත් නැත්නම් අඥානවන්තයෙක් හෝ ඊටත් වඩා දරුණු කෙනෙක් විය හැකිය. ඔබට ඔහුව මෝඩයෙකු ලෙස වසා දැමිය හැකිය. ඔහුට කෙළ ගසා ඔහුව යක්‍ෂයෙකු ලෙස මරා දැමිය හැකිය. නැතහොත් ඔබට උන්වහන්සේගේ පාමුල වැටී උන්වහන්සේට ස්වාමින්වහන්සේ සහ දෙවියන්වහන්සේ යැයි කිව හැකිය. නමුත් උන්වහන්සේ ශ්‍රේෂ්ඨ මානව ගුරුවරයෙක් වීම ගැන විකාර කථා නොකියමු”. “හුදු ක්‍රිස්තියානි ධර්මය” නම් ග්‍රන්ථයේ ඔහු මෙම ප්‍රසිද්ධ වචන යෝජනා කරන්නේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ යැයි බොරුවට ප්‍රකාශ කළේ නම් උන්වහන්සේ ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘ වරයෙක් නොවන බවයි. එය පරම මිථ්‍යාදෘෂ්ටිය වනු ඇත.

උන්වහන්සේ තම ගෝලයන් සමග ගම් අතර ඇවිද යද්දී “මා කවරෙක් කියා මනුෂ්‍යයෝ කියත්දැයි” ගෝලයන්ගෙන් ඇසූ සේක (මාර්ක් 8:27). ඔවුන්ගේ පිළිතුරු වලට යොහන් බව්තීස්ත, එලියා සහ අනාගත වක්තෘවරුන්ගෙන් එක් අයෙක්ය (28 පදය) කියාත් ඇතුළත් විය. නමුත් යේසුස්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් විශ්වාස කළේ කුමක්ද කියා දැන ගැනීමටය. “නුමුත් නුඹලා මා කවරෙකු කියා කියන්නෙහිදැයි” උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. පේත්‍රැස් නිවැරදිව පිළිතුරු දෙමින් “ඔබ ක්‍රිස්තුස්වහන්සේය” (29 පදය) ගැළවුම්කරුවාණන්ය කියා කීවේය.

නමුත් අපි යේසුස්වහන්සේ කවුරුන් කියා කියන්නෙමුද? උන්වහන්සේ සහ පියාණන්වහන්සේ (දෙවියන්වහන්සේ) “එකම තැනැත්තා” (යොහන් 10:30) බව තමන් ගැනම පැවසූ දෙය සත්‍යය නොවන්නේ නම් යේසුස්වහන්සේට හොඳ ගුරුවරයෙකු හෝ අනාගතවක්තෘ වරයෙක් හෝ විය නොහැක. උන්වහන්සේගේ අනුගාමිකයන් සහ අශුද්ධ ආත්මයන් පවා දෙවිියන්වහන්සේගේ පුත්‍රයා ලෙසට උන්වහන්සේගේ දේවත්වය ප්‍රකාශ කළහ (මතෙව් 8:29; 16:16; 1 යොහන් 5:20). අද දින ක්‍රිස්තුස්වහන්සේ අපට අවශ්‍ය දේ සපයන විට උන්වහන්සේ කවුද යන්න පිළිබඳව වචනය අපි පතුරුවමු.