සත්වෝද්‍යානයට ගිය ගමනක් අතර තුර ගස් මුදුන්වල ජීවත් වන අලංකාර සහ උදාසීන සතුන් ප්‍රදර්ශනය කරන තැනක් අසළ විවේක ගැනීමට නැවතුණෙමි. සත්වයා උඩු යටිකුරු ලෙස එල්ලී සිටියේය. ඌ සම්පූර්ණයෙන්ම නිශ්චලව සිටීමෙන් සෑහීමකට පත්වූ බවක් පෙණුනි. මම සුසුමක් හෙළුවෙමි. මගේ සෞඛ්‍ය ගැටළු නිසා මට මගේ ශරීරය නිශ්චලව තබා ගෙන සිටීම දැඩි අපහසුතාවයක් වූ අතර ඉදිරියට යාමට, යමක් කිරීමට එනම් ඕනෑම දෙයක් කිරීමට දැඩි ලෙස අවශ්‍ය වුනි. මගේ සීමාවන් නුරුස්සමින් මෙතරම් දුර්වල වීමේ හැඟීම නවතා දැමීමට මම ආශා කළෙමි. නමුත් මෙම සත්ත්වයා දෙස බලා සිටියදී ඌ එක් අතක් දිගු කර අසල වූ අත්තක් අල්ලා ගෙන නැවත නතර වූ ආකාරය මම නිරීක්‍ෂණය කළෙමි. නිශ්චලව සිටීමට ශක්තිය අවශ්‍ය වන්නේය. මට සෙමෙන් ගමන් කිරීමෙන් හෝ මෙම සත්ත්වයා මෙන් නිශ්චලව සිටීමෙන් හෝ සෑහීමකට පත්වීමට අවශ්‍ය නම් මට ඇදහිය නොහැකි මාංශ පේශීවල ශක්තියට වඩා වැඩි යමක් අවශ්‍ය විය. මගේ ජීවිතයේ ඇදී යන සෑම මොහොතකම දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට මට දිව්‍යමය බලයක් අවශ්‍ය විය.

ගීතාවලිය 46 හි ලේඛකයා පවසන්නේ දෙවියන්වහන්සේ නිකම්ම අපට ශක්තිය ලබා නොදෙන බවයි. උන්වහන්සේ අපගේ ශක්තිය බවයි (1 පදය). අප අවට කුමක් සිදු වුවද “සේනාවල ස්වාමින්වහන්සේ අප සමගය” (7 පදය). ගීතිකාකරු මෙම සත්‍යය විශ්වාසයෙන් යුතුව සැකයකින් තොරව පවසයි (11 පදය).

මෙම සත්ත්වයා මෙන් අපගේ එදිනෙදා කාර්යයන් වලදී බොහෝ විට සෙමින් සෙමින් ගමන් කිරීම සහ අපහසු යැයි හැඟෙන දිගු කාලීන නිශ්චල කාලයන්ද අවශ්‍ය වන්නේය. අපි දෙවියන්වහන්සේගේ නොවෙනස් වන ස්වභාවයේ රඳා සිටින විට උන්වහන්සේ අපට ගැළපෙන කුමන සැළැස්මක් සහ වේගයක් තීරණය කළත් අපට උන්වහන්සේගේ ශක්තිය මත යැපිය හැකිය.

අපි පීඩාවන් සමග දිගටම සටන් කළත් බලා සිටීම සමග අරගල කළත් දෙවියන්වහන්සේ විශ්වාසවන්තව සිටින සේක. අපට ශක්තිමත් බවක් නොදැනෙන විටදී පවා අපගේ ඇදහිල්ලේ මාංශ පේශීන් නම්‍යශීලි කිරීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.