ඔබට ඔබේ ගමන එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇයි යන අරුත ඇති “වයි”  නම් දූවිලි සහිත නගරයකින් ආරම්භ කළ හැකිය. රට හරහා ගමන් කරද්දී ඔබව ටෙක්සාස් ප්‍රාන්තයේ “අන්සර්ටන්” එනම් ස්ථිර නොවූ යන අරුත ඇති ප්‍රදේශය හරහා ගෙන යනු ඇත. ඊසාන දෙසින් ඔබ නෙසි ප්‍රාන්තයෙහි ඛේදජනක යන අරුත ඇති  ඩිස්මල්  හි විවේකයක් සඳහා නවතිනු ඇත. අවසානයේදී ඔබ ඔබේ ගමනේ අවසානය වන පෙන්සිල්වේනියාවේ ව්‍යාකූල මනස යන අරුත ඇති “පැනික්”  වෙතට පැමිණෙනු ඇත. මේවා ඇමරිකාවේ භූ දර්ශනය හරහා සැබෑ ස්ථාන වේ; නමුත් ඔබ කවදා හෝ යාමට තෝරා ගන්නා සංචාරයක් නම් නොවේ.

සමහර වෙලාවන්හිදී ජීවිතය යන ගමන දැනෙන්නේ මේ ආකාරයටය. පාළුකරයේ ඊශ්‍රායෙල්වරුන්ගේ දුෂ්කර ජීවිතය සමග අපට මෙය පහසුවෙන් හඳුනාගත හැකිය (ද්වීථිය කථාව 2:7). ජීවිතය දුෂ්කර විය හැකිය. නමුත් අනෙක් සමානකම් අපට පෙනෙන්නේද? අපි දෙවියන්වහන්සේගේ මාර්ගයෙන් හැරෙමින් අපගේම ගමන් මාර්ගයක් නිර්මාණය කර ගන්නෙමු (ද්වීථිය කථාව 1:42-43). ඊශ්‍රායෙල්වරුන් මෙන් අපි අපගේ අවශ්‍යතා සපුරා ගැනීම ගැන බොහෝ විට මැසිවිලි නගන්නෙමු (ගණන් කථාව 14:2). අපගේ දෛනික කලබලයේදී අපි දෙවියන්වහ්නසේගේ අරමුණු ගැනද සැක කරන්නෙමු (ගණන් කථාව 14:11). ඊශ්‍රායෙල්වරුන්ගේ කථාව අපේ ජීවිතයේ නැවත නැවතත් ඉස්මතු වන්නේය.

අපි උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරන්නේ නම් උන්වහන්සේ අපව ඩිස්මල් හෙවත් ඛේදජනක නගරයට වඩා හොඳ ස්ථානයකට අපව ගෙන යන බව දෙවියන්වහන්සේ අපට සහතික කරන සේක. උන්වහන්සේ අපගේ අවශ්‍යතාවයන් සපයන හෙයින් අපට සැබවින්ම අවශ්‍ය කිසිවක් හිඟ නොවනු ඇත (ද්වීථිය කථාව 2:7; පිලිප්පි 4:19). එහෙත් අපි මෙය දැනටමත් දන්නා තරමටම අපි බොහෝ විට එය කිරීමට අසමත් වන්නෙමු. අපි දෙවියන්වහන්සේගේ මාර්ග සිතියම අනුගමනය කළ යුතු වෙමු.

එය ටිකක් වැඩියෙන් ධාවනය කළ යුතු වන්නේය. නමුත් මෝටර් රථයෙන් තවත් පැය හයකින් ඔබව ව්‍යාකූල මනස යන අරුත ඇති “පැනික්” නගරයේ සිට බටහිර වර්ජිනියාවේ පිහිටි සහතික වූ යන අරුත ඇති එෂුවරන්ස් නම් වූ ස්ථානයට ගෙන යනු ඇත. අපගේ මාර්ග මෙහෙයවීමට අපි දෙවියන්වහන්සේට ඉඩ දෙන්නේ නම් (ගීතාවලිය 119:35) උන්වහන්සේ රියදුරු ආසනයේ වාඩිවී ප්‍රීතියෙන් ගමන යද්දී එය ඇත්තෙන්ම භාග්‍යවත් සහතිකයකි.