කෙටි කෑම පාර්සලය කුඩා වූ නමුත් එය ඇමෙරිකානු මිෂනාරිවරියෙකුට විශාල පාඩමක් ඉගැන්වීය. ඩොමිනික් ජනරජයේ එක් සන්ධ්‍යාවක වැඩ කරමින් සිටි ඇය දේවස්ථානයේ රැස්වීමකට පැමිණ ඇගේ කෑම පාර්සලය විවර කළ විට ඇය ඒ තරම් නොදන්නා කාන්තාවක් ළඟා වී බැදපු අල පෙති කිහිපයක් ගත්තාය. අනිත් අයද එසේම කළහ.

“කොපමණ නොහික්මුණු කමක්ද?” මිෂනාරිවරිය සිතුවාය. ඉන්පසු ඇය නිහතමානී පාඩමක් ඉගෙන ගත්තාය. ඇය සේවය කිරීමට එකඟ වූ රටේ සංස්කෘතිය ඇය තවමත් තේරුම් ගෙන නොතිබුණි. එක්සත් ජනපදයේ මෙන් පුද්ගලවාදය අවධාරණය කරනවා වෙනුවට ඩොාමිනිකන් ජනරජයේ ජීවිතය “ප්‍රජාව තුළ” පවතින බව ඇය ඉගෙන ගත්තාය. මිනිසුන් එකිනෙකාට සම්බන්ධ වන්නේ කෙනෙකුගේ ආහාර සහ භාණ්ඩ බෙදා ගැනීමෙනි. ඇගේ ක්‍රමය හොඳ වූයේ නැත. එහෙත් ඇයගේ ක්‍රම වේදයට වඩා වෙනස් වූවා පමණි. ඇය මෙසේ පාපෝච්චාරණය කළාය. “මා ගැන මේ දේවල් සොයා ගැනීම ඉතා නිහතමානී විය”. තමාගේම නැඹුරුවාවන් හඳුනා ගැනීමට පටන් ගත් ඇය නිහතමානීව අන් අය සමග බෙදා ගැනීමෙන් වඩා හොඳින් ඔවුන්ට සේවය කිරීමට එය උපකාරී වන බව තේරුම් ගත්තාය.

පේත්‍රැස් සභාවේ නායකයින්ට මෙම පාඩම ඉගැන්වීය : ඔහු සභා නායකයින්ට උපදෙස් දුන්නේ “නුඹලාගේ භාරය දෙන ලද්දවුන් කෙරෙහි අධිපතිකම් කිරීමෙන් වැළකී සිටින” ලෙසටයි (1 පේත්‍රැස් 5:3). යෞවනයන් ගැන : “එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම ….. යටත්කම පැළඳගන්න” (5 පදය) යනුවෙනි. එසේම “එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න” (6 පදය) යනුවෙනි. අද දිනදී උන්වහන්සේ සහ අනෙක් අය ඉදිරියේ යටත්ව ජීවත් වීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක්වා.