2021 දී කිමිදුම් කට්ටලයක් පැළඳ ගෙන දිය යට පිහිනමින් සිටියදී ජෙනිෆර්ගේ දෑස් ගඟක් පතුලේ තිබූ කුඩා කොළ පැහැති බෝතලයක් වෙත යොමු වුනි. ඇය “ජීවිතයේ එක් වරක් සොයා ගැනීමක්” ලෙස විස්තර කරන දෙය හාරා ගත්තාය. 1926 දී ඔහුගේ දහඅට වන උපන් දිනයේදී තරුණයෙක් විසින් ලියන ලද පණිවුඩයක් බෝතලයේ අඩංගු විය. පණිවුඩය සොයා ගත් තැනැත්තා ඔහුට එය නැවත ලබා දෙන ලෙසට එහි ඉල්ලා තිබුණි. මුහුණු පොත භාවිතා කරමින් ජෙනිෆර්ට මෙම මනුෂ්‍යයාගේ ප්‍රීතියට පත්වූ පවුලේ සාමාජිකයෙක් සොයා ගැනිීමට හැකි වුනි. 1995 දී ඔහු මිය ගොස් සිටියද ඔහුගේ වරක් සැඟවුනු සටහන ජෙනිෆර්ට සහ එම තැනැත්තාගේ පවුලේ අයට ප්‍රීතියක් ගෙන දුන්නේය.

2 රාජාවලිය 22:8 හි හිල්කියා “ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි ව්‍යවස්ථා පොත සොයා ගත් අවස්ථාවේදී” අසාමාන්‍ය සොයා ගැනීමක් කළ බව අපි දකින්නෙමු. උත්තම පූජකයා සොයාගත්තේ ද්වීථිය කථාව වැනි පොතකි. “රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල” ඔහු අධික හැඟීම් බරකින් සහ මානසිකව අධික පීඩාවකට වැටුණි (11 පදය). යූදාහි දේව මාළිගාව මෙන් දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ආනුභාව ලත් ශුද්ධ ලියවිලි කියවීම සහ කීකරු වීම මිනිසුන් විසින් නොසළකා හරින ලදී. පසුතැවිල්ලෙන් යුතුව රජු විසින් දේවමාළිගාවේ පිළිම සහ දෙවියන්වහන්සේට අප්‍රසන්න වූ ඕනෑම දෙයක් අතුගා දමා ඔහු තම ජාතිය සඳහා ප්‍රතිසංස්කරණ ඇති කරන ලදී (23:1-24).

අද අපගේ බයිබල්වල දෙවියන්වහන්සේගේ ප්‍රඥාව හෙළි කරන ද්වීථිය කථාව ඇතුලු පොත් හැට හයක් අඩංගු වේ. අපි ඒවා කියවන විට සහ සවන් දෙන විට ශුද්ධාත්මයාණෝ අපගේ මනස වෙනස් කර අපගේ මාර්ග ප්‍රතිසංස්කරණය කරන සේක. අද දින දේව වචනයේ ජීවිතය වෙනස් කරන කථාවට කිමිදී ජීවිත කාලය සඳහා ගවේෂණය කිරීමට ප්‍රඥාව සොයා ගන්න.