ඉන්දියාවේ සහෝදරියන් දෙදෙනෙක් උපතින්ම අන්ධව සිටියහ. ඔවුන්ගේ පියා වෙහෙස මහන්සි වී වැඩ කරන සැපයුම්කරුවෙක් වූ නමුත් ඔවුන්ට පෙනීම ලබා දෙන ශල්‍යකර්මයක් සඳහා ඔහුට කිසි විටෙකත් වියදම් කිරීමට නොහැකි විය. ඉන්පසුව වෛද්‍යවරුන් කණ්ඩායමක් කෙටි කාලීන වෛද්‍ය කඳවුරක් සඳහා ඔවුන්ගේ ප්‍රදේශයට පැමිණියහ. ඔවුන්ගේ ශල්‍යකර්මයෙන් පසු දින උදෑසන හෙදිය ඔවුන්ගේ වෙළුම් පටි ඉවත් කරන විට එම ළමුන් දෙදෙනා සිනාසුණහ. “අම්මේ මට පේනවා, පේනවා!” කියා එක් ළමයෙක් කෑ ගැසුවාය.

උපතේ සිටම කොරවූ මිනිසෙක් දේවස්ථානයේ දොරටුව අසළ තම සුපුරුදු ස්ථානයේ වාඩිවී සිඟමන් ඉල්ලමින් සිටියේය. මෙම මිනිසාට දීමට තමා ළඟ කාසි නොතිබුණත් ඊට වඩා හොඳ දෙයක් ඇති බව පේත්‍රැස් කීවේය. “නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන් ඇවිදින්න” (ක්‍රියා 3:6) ඔහු පැවසුවේය. “ඔහු පැන නැගී …. ඇවිදින්ට පටන් ගත්තේය. ඉන්පසු ඔහු ඇවිදිමින්ද පැන නගිමින්ද දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔහු ඔවුන් සමඟ දේවමාළිගාවට ඇතුල්වුණේය.” (8 පදය).

කිසි විටෙකත් අන්ධව හෝ කොරව හෝ නොසිටී අයට වඩා ඔවුන්ගේ ඇස් සහ පාද ගැන මෙම සහෝදරියන් සහ මනුෂ්‍යයා අගය කළහ. සහෝදරියන්ට පුදුමයෙන් සහ සැමරීමෙන් ඇසිපිය හෙළීම නතර කළ නොහැකි වූ අතර “සුවය ලැබූ මනුෂ්‍යයා උඩ පැන්නේය”.

ඔබේම ස්වභාවික හැකියාවන් ගැන සළකා බලන්න. ඔබ ආශ්චර්යමත් ලෙස සුවය ලබා ඇත්නම් මෙම හැකියාවන් ඔබට වඩාත් හොඳින් භුක්ති විඳිය හැක්කේ කෙසේද සහ ඒවා වෙනස් ලෙස භාවිතා කළ හැක්කේ කෙසේද? දැන් මෙය සළකා බලන්න. ඔබ යේසුස්වහන්සේව විශ්වාස කරන්නේ නම් උන්වහන්සේ ඔබව ආත්මිකව සුවපත් කර ඇත. උන්වහන්සේ ඔබව ඔබේ පාපයෙන් මුදවා ගෙන ඇත.

අපව මවා ඉන්පසුව අපට ගැළවීම ලබා දුන් තැනන්වහන්සේට ස්තූති කරමින් උන්වහන්සේ අපට ලබා දී ඇති සියල්ලක්ම උන්වහන්සේටම කැප කරමු.