මුහුදේ ජීවත් වන වේගයෙන් දිය විදින ස්කූවර්ට් යනු අමුතුම ජීවියෙකි. පාෂාණ වලට සහ පිට කටු වලට සම්බන්ධ වී සිටින අතර ඌ රැල්ල සමග සෙලවෙන මෘදු ප්ලාස්ටික් නලයක් මෙන් පෙනේ. පසුකර ගෙන යන ජලයෙන් එහි පෝෂණය උකහා ගනිමින් ඌ කාලයක් ක්‍රියාශීලි යෞවනයෙන් ඈත්ව උදාසීන ජීවිතයක් ගත කරයි.

මෙම ජීවියා ජීවිතය ආරම්භ කරන්නේ ඉස්ගෙඩියෙක් ලෙසය. ආහාර සොයා ගැනීමට සහ හානි වළක්වා ගැනීමට උපකාරී වීමට මූලික වර්ධන අවස්ථාවේ සුසුම්නාවක් සහ මොළයක් අඩංගු වේ. කුඩා කාලයේදී එය සාගරයේ ගවේෂණයට දින ගත කරන නමුත් වැඩිහිටි වියට පත් වූ විට යමක් සිදුවේ. එහි පර්වතය මත පදිංචි වී ගවේෂණය හා වර්ධනය වීම නතර කරයි. දරුණු විකෘතියක් තුළ එය තමාගේම මොළය ජීර්ණය කරයි.

එය කොන්දක් නැතුව කල්පනාවක් නැතුව රැල්ල සමග නිෂ්ක්‍රියව ගලා යයි. අපෝස්තලු පේත්‍රැස් අපව දිරිමත් කරන්නේ සී ස්කූවර්ට් යන ජීවියාගේ ඉරණම අනුගමනය නොකරන ලෙසයි. අපට පරිණත වීම යනු දෙවියන්වහන්සේගේ ස්වභාවය ගැනීම බැවින් (2 පේත්‍රැස් 1:4) ඔබ හා මා වර්ධනය වීමට කැඳවනු ලැබ සිටිමු. එනම් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ දැනුමෙහි මානසිකව වර්ධනය වීමද (3:18) ආත්මිකව යහපත්කමෙනුත් නොපසුබට උත්සාහයෙනුත් සහ ආත්ම දමනයෙනුත්ද (1:5-7) සහ ප්‍රායෝගිකව අපගේ දීමනා හරහා ප්‍රේම කිරීමෙනුත් ආගන්තුක සත්කාර කිරීමෙනුත් සහ අන් අයට සේවය කිරීමෙනුත් නව ක්‍රම ගවේෂණය කිරීමෙන් (1 පේත්‍රැස් 4:7-11) වර්ධනය වී ජීවත් වන ලෙසටයි. එවැනි වර්ධනයක් “නිෂ්ඵල සහ ඵලදායී නොවන” ජීවිතයක් ගත කිරීමෙන් අපව වළක්වනු ඇති බව අපෝස්තලු පේත්‍රැස් පවසයි (2 පේත්‍රාස් 1:8).

හැත්තෑ හැවිරිදි කෙනෙකුට මෙන්ම නව යොවුන් වියේ පසුවන අයටද වැඩීමට මෙම කැඳවීම අත්‍යාවශ්‍ය වන්නේය. දෙවියන්වහන්සේගේ ස්වභාවය සාගරය තරම් විශාලය. අපි පිහිනා ඇත්තේ යන්තම් අඩි කිහිපයක් පමණි. උන්වහන්සේගේ නිමක් නැති චරිතය ගවේෂණය කරන්න. නව අධ්‍යාත්මික නිර්භීිත ක්‍රියා කරන්න. අධ්‍යයනය කරන්න. සේවය කරන්න. අවදානම් වූවත් නිර්භිත තීරණ ගන්න. වැඩෙන්න.