ජේම්ස් නම් මනුෂ්‍යයෙක් වොෂිංටනයේ සියැටෙල් සිට කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ දක්වා එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ සැතපුම් 1250 ක් පා පැදියකින් ත්‍රාසජනක ගමනක් ගියේය. ඔහුගේ ආරම්භක ස්ථානයේ සිට සැතපුම් 930 ක් දුරින් පිහිටි බිග් සූර් බෑවුම අසළදී මගේ මිතුරෙක්ට මෙම අභිලාෂකාමි පාපැදි කරුවා මුණ ගැසුණි. මෑතකදී ජේම්ස්ගේ කඳවුරු බැඳීමේ ආම්පන්න කවුරුන් හෝ සොරකම් කර ඇති බව දැන ගත් පසු මගේ මිතුරා ඔහුගේ පොරෝනය සහ සීත කබාය පිරි නැමූ නමුත් ජේම්ස් එය ප්‍රතික්‍ෂේප කළේය. ඔහු දකුණේ උණුසුම් දේශගුණයට ගමන් කරන විට භාණ්ඩ අඩු කිරීම ආරම්භ කළ යුතු බව ඔහු පැවසීය. ඔහු ගමනාන්තයට ළංවන විට ඔහු වඩාත් වෙහෙසට පත් වන හෙයින් ඔහු උසුලන බර අඩු කර ගැනීමට ඔහුට අවශ්‍ය වන්නේය.

ජේම්ස්ගේ අවබෝධය බුද්ධිමත් විය. එය හෙබ්‍රෙව් ලේඛකයාද පවසන දේ පිළිබිඹු කරයි. අපි අපගේ ජීවිතයේ ගමන දිගටම කර ගෙන යන විට “සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දැමීමට” (හෙබ්‍රෙව් 12:1) අපට අවශ්‍ය වන්නේය. ගමනේ ඉදිරියට යාම සඳහා අපි බර අඩුකර ගමන් කළ යුතුයි.

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් වශයෙන් මෙම ධාවන තරඟය ධාවනය කිරීම සඳහා “ඉවසිලිවන්තකම” අවශ්‍ය වේ (1 පදය). අපට ඉදිරියට යා හැකි බව සහතික කර ගත හැකි ක්‍රමයක් වන්නේ සමාව නොදීම, නිතර කෝපවීම සහ අපට බාධා කරන වෙනත් පාපයන්ගේ බරින් අපි නිදහස් වී සිටීමය.

යේසුස්වහන්සේගේ උපකාරය නොමැතිව අපට සැහැල්ලුවෙන් ගමන් කර මෙම තරඟය අවසන් කළ නොහැක. අපි “වෙහෙසට පත් වී සිතෙන් ක්ලාන්ත නොවන ලෙස ඇදහිල්ලේ පුරෝගාමියා සහ පරිපූර්ණ තැනැත්තා” දෙස බලමු (2-3 පද).