1970 ගණන්වල වෙළඳ දැන්වීමක එන කෙටි ගීතයක් එක් පරම්පරාවකට ආස්වාදයක් ලබා දුන්නේය. දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස නිර්මාණය කරන ලද කොකා කෝලාහි “ද රියල් තිං” හෙවත් සැබෑ දේ යන දැන්වීම, “ද නිව් සීකර්ස්” නම්වූ බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් විසින් ලොව පුරා ගීත දර්ශක වල ඉහළට නැගුණු සම්පූර්ණ ගීතයක් ලෙස ගායනා කරන ලදී. නමුත් රෝමයෙන් පිටත කඳු මුදුනක තරුණයින් විසින් ගායනා කරන ලද මුල් රූපවාහිනී පිටපත බොහෝ දෙනෙකුට කිසිදා අමතක නොවනු ඇත. එය කෙතරම් හාස්‍ය ජනක වූවත් ප්‍රේමයේ හදවතකින් සහ සමගියෙන් ගායනා කිරීම ලොවට ඉගැන්වූ ගීත රචකයෙකුගේ ආශාව සමග අපි එය අනුනාද කළෙමු.

අපෝස්තලු යොහන් විස්තර කරන්නේ එම පරමාදර්ශී සිහිනය වැනි දෙයකි. එහෙත් මෙය ඊට වඩා විශාල දෙයකි. “තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තාවූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ” (එළිදරව් 5:13) විසින් ගායනා කරන ලද ගීතයක් ඔහුගේ මනසේ ඇති විය (එළිදරව් 5:13). මෙම ජය ගීතය හාස්‍යජනක එකක් නම් නොවීය. මෙම ගීතය ගයනු ලැබූ තැනන්වහන්සේ විසින් ගෙවන මිළට වඩා තාත්වික කිසිවක් නැත. උන්වහන්සේගේ ප්‍රේමයේ පරිත්‍යාගයෙන් ජය ගත යුතු මරණය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ දර්ශන තරම් පෙර නිමිත්තක් තවත් තිබිය නොහැක.

නමුත් දෙවියන්වහන්සේගේ බැටළු පැටවාට අපගේ පාපය දරාගෙන මරණය පරාජය කිරීමටත් අපගේ මරණ බියෙන් අපව මිදීමටත් මුළු ස්වර්ගයට හා පොළොවට පරිපූර්ණ එකඟතාවයකින් ගායනා කිරීමට ඉගැන්වීමටත් අවශ්‍ය වූ සේක.