මා පළමු රැකියාව කළේ පාසැලේ උසස් පෙළ පන්තියේ සිටි කාලයේදීය. කාන්තා ඇඳුම් වෙළඳ සැළක මම සේවය කළෙමි. එහිදී කාන්තා ආරක්‍ෂක නිලධාරිනියක් සාමාන්‍ය පාරිභෝගිකයෙක් ලෙස සැරසී වෙළඳ භාණ්ඩ සොරකම් කළ හැකි යයි සිතූ කාන්තාවන් පසුපස ගියාය. වෙළඳ සැල් හිමියන් සැක සහිත යැයි සිතූ ඇතැම් පුදග්ලයන්ගේ පැතිකඩවලට මෙය ගැළපුණි. තර්ජනයක් ලෙස නොසැළකූ අනෙක් අය ගැන වැඩි අවධානයක් පෙන්වූයේ නැත. වෙළඳ සැල් හිමියන්ගේ මෙම උපක්‍රමය මම හඳුනා ගෙන තිබූ හෙයින් මා විසින් වෙනත් වෙළඳ සැල් වලට යන අවස්ථාවන්වලදී ඔවුන්ගේ ආරක්‍ෂක නිලධාරියෙක් මා පසුපස පැමිණිම මට රසවත් අත්දැකීමක් වුනි.

ඊට හාත්පසින්ම වෙනස්ව දාවිත් ප්‍රකාශ කළේ තමා පසුපස දිව්‍ය ආශිර්වාදයක් එනම් දෙවියන්වහන්සේගේ යහපත්කම සහ දයාව පැමිණෙන බවයි. මෙම ත්‍යාගයන් දෙක සෑම විටම ඔහු පසුපස සිටියේ සැකයෙන් නොව සැබෑ ආදරයෙනි. “නිවුන් ආරක්‍ෂක දේවදූතයන්” ලෙස ඉවැන්ජලිස්ත චාර්ල්ස් ස්පර්ජන් මෙම යුගලය විස්තර කළ පරිදි අඳුරු සහ දීප්තිමත් කාල දෙකෙහිදීම මේවා ඇදහිලිවන්තයන්ව සමීපව අනුගමනය කරයි. “ශීත සෘතුවේ දින මෙන්ම ගිම්හානයේ දීප්තිමත් දින වලදීද යහපත්කම අපගේ අවශ්‍යතා සපයන අතර දයාව අපගේ පාපයන් මකා දමන්නේය”.

දෙවියන්වහන්සේ විසින් සපයනු ලබන දෙයක් හෙයින් යහපත්කම සහ දයාව යන යුගළයෙහි හිතාමතාම ඇති සම්බන්ධතාවය වරක් එඬේරෙක් වූ දාවිත් තේරුම් ගත්තේය. බිය, කණස්සල්ල, පරීක්‍ෂාවන්, සැකය වැනි දේවල්ද ඇදහිලිවන්තයන් අනුව යා හැකිය. නමුත් “සැබවින්” දෙවියන්වහන්සේගේ කරුණාවන්ත යහපත්කම සහ ප්‍රේමණීය දයාව සෑම විටම අප පසුපස එන බව දාවිත් නිසැකවම ප්‍රකාශ කරන්නේය.

“සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමින්ගේ ගෘහයෙහි වාසය කරන්නෙමි” (ගීතාවලිය 23:6) කියා දාවිත් ප්‍රීති විය. “නිවස” බලා යන ගමනේදී අප පසුපස පැමිණෙන මේවා මොනතරම් පුදුමාකාර ත්‍යාගයන්ද!